Gossip

නොසිතූ මොහොතක සිදුවූ අනතුරකින් අතක් අහිමිවූ තරුණිය, සමාජයෙන් ලැබුණු අපහාසයට දුන් අපූරු පිළිතුර – Photos

ජීවිතේ සමහර අවස්ථාවල අපිට මුහුණ දෙන්න සිද්ධවෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න විවිධ දේවල් කරන්න සිද්ධවෙනවා.
ඒ විදිහට ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් දියාගෝ නගරයේ වෙසෙන ලෝරන් විසි හැවිරිදි තරුණියක් මීට වසරකට ඉහත දී සිදුවූ අනතුරකින් ඇයගේ අතක් අහිමි වුණා.
එයින් ජීවිතේ හුඟක් තැන්වලදි කොන්වුණු ඇය යළි නැගී සිටීමට ඇය විසින් යොදා ලැබ ඇත්තේ අමුතුම මගක්.
ආබාධිත තත්ත්වය හමුවේ සමාජයෙන් කොන් නොවී සිටීමට හාස්‍ය රසය යොදා ගත් බව ඇය ‘බස්ෆීඩ්’ මාධ්‍ය වෙත පවසා තිබේ.
“අනතුරින් පස්සේ ටික කාලයක් යන තුරු මම විහිළු තහළුවලින් ඈත් වී සිටියා.
නමුත් පස්සේ මම විහිළු තහළු කරන්න පටන් ගත්තා. එක්තරා විදිහකට එය මට උපකාරයක් වුණා” යනුවෙන් ඇය පවසන්නීය.
ඇය මෙසේ කටයුතු කරන්නේ අබාධයට ලක් වූ පුද්ගලයකුට සමාජයේ නිරන්තරයෙන් අපාහයට ලක් වීමට සිදු වීම හේතුවෙනි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!