තරු හුට පට

හිටපු ජනාධිපති ඔලුවෙන් හිටගෙන (ඡායාරූප)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ ශරීර සෞඛ්‍ය ගැන ගොඩක්දුරට හිතන කෙනෙක්නේ.

ඒ වගේම තමයි ක්‍රීඩාවට මෙන්ම විනෝදයටත් බරයි කියලා පසුගිය කාලේ එක එක ඡායාරූප හුවමාරු වෙද්දි අපට දැනගන්න ලැබුණා.

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ එකක් ගැන තමයි. ඒ මොකක්ද දන්නවාද හිටපු ජනාධිපති   මහින්ද රාජපක්ෂ මහතා යෝගා ක්‍රීඩාවටත් බොහෝම ඇලුම් කරන එක්කෙනෙක් කියලා අපට දැනගන්න ලැබෙනවා.

ඒ  කොහොමද දන්නවාද ඔහු ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ යෝගා ගුරුවරයෙක් යටතේ යෝගා ව්‍යායාම  කරන ඡායාරූපයක් එයාගේ ලොකු පුතා වන නාමල් රාජපක්ෂ විසින් ෆේස්බුක් පිටුවට එකතු කරලා තියෙනවා.

මේ  ඡායාරූපයේ විශේෂත්වයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවාද  හිටපු ජනාධිපති ඒ ඡායාරූප‍යෙන් ඉන්නේ ඔලුවෙන්   හිටගෙන.

බලන්නකෝ කොහොමද ඒ ඡායාරූපයේ තියෙන විශේෂත්වය කියලා.

ඔන්න හැබැයි මේ ඡායාරූපයවත් බලලා වැස්සකටවත් ව්‍යායාම කරන්නේ නැති ලංකාවේ ඉන්න  තරබාරූ මැති ඇමතිවරුන් අදාර්ශයක් ගන්නවානම් ගොඩක් හොඳයි.

 

mahinda rajpaksha

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔහුගේ ෆේස්බුක් පිටුවේ එම ඡායාරූපයක්  ගැන විස්තර කරමින් පළ කර තිබු අයුරු පහතින් බලන්න

 

namal-rajpaksha-fb

2 Comments

2 Comments

  1. Asanka

    December 21, 2015 at 2:02 am

    අනේ පව්..

  2. Chaturanga Adikari

    August 9, 2016 at 1:13 pm

    Manthree thuma man hithanne dhyana wadalada koheda oluwen hita gaththama athak wath bima wadinne na neee. mara seen eka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!