Gossip

පැතිරෙන කටකතා මැද මහේල ජයවර්ධන ජීවිතයේ අලුත්ම පිටුවක් පෙරලයි

පසුගිය දවස් ටිකේම මහේල ගැන විවිධ පුවත් හුවමාරු වුණා.
ඒකට හේතුවුණේ මහේල තම විවාහ ජීවිතයට තිත තබා ඇති බවට පැතිරුණු ආරංචියක්.
කොහොම වුණත් මේ ගැන මහේල කිසිම සඳහනක් කර තිබුණේ නැහැ.
අපි මේ කියන්න යන්නේ ඔහු ගත්තු අලුත්ම තීරණයක් ගැනයි.
මහේල ක්‍රිකට් ක්‍රීඩාවට මුල්තැනක් දීලා තිබුණත් දැන් ඔහු ව්‍යාපාරිකයෙක් වශයෙන් ඉදිරියටම පැමිණ තිබෙනවා.
මහේල සහ සංගක්කාරට අයත් කොළඹ පිහිටි අවන්හලක් මේ වනවිට ලෝකයේ හොඳම අවන්හල් 50 අතට ඇතුලත් වී තිබෙනවා.
දර්ශන් මුණිදාස සූපවේදියා සමග අලුත්ම සංකල්පයකට වැඩ කරමින් මහේල මෙම අවන්හල ඇරඹුවේ ලෝකය පුරා ගමන් කිරීම හා විවිධ සංස්කෘතීන්ට අයත් ආහාර රස බැලීමේ ඔවුනගේ විනෝදාංශයට හේතුවක්වීම සඳහා ය.
පසුගිය දවසක මහේල මෙම අවන්හලේ දියුණුව සමරා ඇති අතර ලබන මාර්තු මාසයේදී ඉන්දියාවේ මුම්බායි ශාඛාවක් විවෘත කරන බවද වාර්තා වනවා.
අයි.පී.එල්. ඉලක්ක කරගනිමින් මෙම ශාඛාව විවෘත කරන බවත් සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!