Gossip

අපිත් දවසක දෙමව්පියෝ වෙයි, එදාට අපිට අපේ දරුවන්ව පත්තරේ ඇඩ් එකක් දාලා හොයන්න වුණොත්..?

තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා ලොකු මහත් කරලා හොඳ තැනකට ගේන්න මොන තරම්නම් කැපකිරීමක් කරනවද..?
දුක්දහදිය කදුළු වගුරලා, හිතේ හයියෙන් තමන්ගේ දරුවෝ වෙනුවෙන් මුළු ජීවිතේම කැපකරනවා.
ඒ සෙනෙහස ගැන ආදරය ගැන මොන තරම් කතා කළත් නිම කරන්න බැහැ.
අද ලොකු ලොකු තැන්වල, ඒසී කාමරවල ජීවිත ගෙනිච්චත් ඒ තැන හදන්න අපිරිමිත දුක් කන්දරාවක් තාත්තා කෙනෙක් විඳින්න ඇති.
කන්න නැතිව, වතුර උගුරක් නැතිව වේලක් කාලා තවත් වේලක් බඩගින්නේ ඉඳලා තමන්ගේ දරුවගේ ලෝකේ ලස්සන කරන්න ඇති.
ඒත් ඒ උතුම් සෙනෙහසේ අගයක් නොදන්න සමහරු තමන්ගේ තාත්තා ගැන බලන්නෙවත් නැහැ.
ඒ විදිහේ දරුවෝ ටිකක් ඉන්න තාත්තා කෙනෙකුගේ හදවත පුපුරා යන තරම් වේදනාත්මක සිදුවීමක් අපිට දකින්න ලැබුණේ පුවත්පතකින්.
පුවත්පතක දැන්වීමක් දාලා තාත්තා කෙනෙක් කියලා තිබුණේ තමන්ට ගොඩක් අසනීප බවත් සටහන දුටුවිගසම තමන්ට දුරකථන ඇමතුමක් දෙන ලෙසත්ය.
ඒ තරමටම ඒ තාත්තා අසරණ වෙලා.
තවමත් තමන්ගේ දරුවෝ හොයන්නේ දරු කැක්කුම ඒ උතුම් හිතේ තියන නිසයි.

අපිත් පොඩි ඉල්ලීමක් කරනවා. ඒ මේ තාත්තගේ් දරුවෝ මේක දැක්ක ගමන් මේ තාත්තව තවත් අසරණ නොකර ඉක්මනටම කෝල් එකක් ගන්න කියලා.

මේ එම දැන්වීමයි….

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!