Gossip

අවසන් ගමන් ගිය දසුන්ගේ අදහසකට අනුව හැදුණු “මගේ මරණ මංචකයේ” ගීතය ගායනා කරන සංගීත් ඒ ගැන කියන කතාව – Video

තරුණ පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේ වෙන්ව යාම ගැන තවමත් හුඟක් තැන්වල කතාවෙනවා.
මේ මතකයත් එක්ක දසුන්ගේ අදහසකට අනුව ලියැවුණු ” මගේ මරණ මංචකයේ” ගීතය ගැන ලොකු කතාබහක් ඇති කළා.
එම ගීතය ගායනා කළේ සංගීත් කොඩිතුවක්කුයි.
ඒ ගීතය ගැන සංගීත් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ වගේ කතාවක්.

සංගීත්ගේ වැඩ අපිට දකින්න හම්බවුණේ රංගන ක්ෂේත්‍රය කැළඹුණු කාලෙක නේද?
ඔව් මගේ පළමු වැනි ගීතය” තරු ඇර සිටින රෑ අහසට” දෙවැනි ගීතය තමයි ” මගේ මරණ මංචකයේ”.

දසුන්ගේ සින්දුව හදන්න කලින් ඔයා එයාගේ යාළුවෙක්ද?
මගේ පළමු ගීතයේ රූප රචනාවට රංගනයෙන් දායක වුණේ දසුන් නිශාන්. එතැනදි තමයි අපි යාළුවෝ වෙන්නේ.

රඟපෑම් කරන කාලෙත් ශලනි ගැන කතාබහ වෙන කාලේ ගැන මතකද?
ශලනි, දසුන්ගේ හොඳ යාළුවෙක් කියලා විතරයි මම දැනගෙන හිටියේ. මම ඒ වෙනකොට දසුන් විවාහකයෙක් කියලවත් දන්නේ නැහැ.
මොකද දසුන් හිටියේ පන්නිපිටියේ බෝඩිමක.

මගේ මරණ මංචකයේ” සින්දුව එයා ඔයාට දුන්නේ කොයි කාලෙද?
දසුන් නැතිවෙන්න මාසෙකට කලින්. මොකද මේ ගීතයේ අදහස දසුන් දුන්නට පස්සේ නඳුන් අයියා ලිව්වා. ඊට පස්සේ තමයි මම ෆේස්බුක් එකේ Coming Soon එකක් දැම්මේ සැප්තැම්බර් 4 වැනිදා.

හැබැයි මේ ගීතය කළේ මෑතක නේද?
නැහැ. ඊට කලින් තමයි සින්දුව කළේ.

ඇයි හැම දෙයක්ම වෙනකන් ඉඳලා සිංදුව කළේ?
දසුන් නැතිවුණාට පස්සේ මේ සිංදුව කළේ නැහැ. ඒත් දසුන් හිටපු මානසිකත්වය මේ සිංදුව පුරාම තියෙනවා.

මේකත් එක්තරා විදිහකට මාර්කටින් වැඩක්ද?
කවදාවත් මාව මාර්කට් කරගන්න වැඩ කරන්නේ නැහැ. මේ සින්දුව කරන්න කළිනුත් මම ගොඩක් ජනප්‍රියයි ගුණදාස කපුගේ මහත්මයාගේ ගීත ගායනය නිසා.

මගේ මරණ මංචකයේ”සිංදුවත් ශලනිව ආපහු වට්ටන්න ගහපු ගේමක්ද?
කවදාවත් නැහැ. ” මගේ මරණ මංචකයේ” ගීතයෙන් පස්සේ ගොඩක් අය සින්දු කරන්න ගත්තා මරණය ගැන.

සින්දුව එළියට ආවට පස්සේ ශලනි ඔයාට කතා කළාද?
නෑ එයා මට කතා කළේවත් නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!