Gossip

“එහෙම අතහැරලා යම් යම් දේ කරගෙන යනවනම් ඒක මගේ රසිකයන්ට කරන හානියක්‌”

රංගනයෙන් වගේම නිවේදකයෙක් විදිහටත් රසික හදවත් දිනාගත්තු කෙනෙක් තමයි මාධව විජේසිංහ කියන්නේ.
රසික හදවත් සතුටින් පුරවන මාධව සැබෑම දක්ෂයෙක්.
ඉතිං මාධවගේ අලුත්ම විස්තර ගැන වගේම ඉදිරි බලාපොරොත්තු ගැනත් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

ඉතින් මාධව කොහොමද සැප සනීප ?
වරදක්‌ නම් නැහැ. වැඩ කටයුතු කරගෙන හොඳින් ඉන්නවා.

මොකද කරන්නේ මේ දවස්‌වල ?
මේ දවස්‌වල දෙරණ රූපවාහිනියේ මගේ සුපුරුදු නිවේදන කටයුතු කරගෙන යනවා.
ඊට අමතරව ටෙලිනාට්‍ය ගණනාවක වැඩ කටයුතු කරගෙන යනවා.

මේ හැම එකක්‌ම හරියට කරගෙන යන්න කොහොමද මාධව වෙලාව හදා ගන්නේ ?
ඇත්තටම ඔව්. වැඩ කිහිපයකම නිරත වෙලා ඉන්නවා. හැබැයි පටලව ගන්නේ නැහැ කිසිම වැඩක්‌.
හැම වැඩක්‌ම හරියට සැලසුම් කරගෙන තමයි කරගෙන යන්නේ. ඉතිං හැම වැඩේම පුළුවන් උපරිමයෙන් සැලසුම් කරල කරගෙන යනවා.
අනිත් එක මට කරගන්න පුළුවන් තරමට තමයි මං වැඩ භාර ගන්නේ.

රංගනය හා නිවේදනය වෘත්තීය වෙලා නේද දැන්?
මගේ උසස්‌ අධ්‍යාපන කටයුතු නම් මේ වෙනකොට අවසන් කරලා තියෙන්නේ.
රංගනයට නිවේදනයට අමතරව මං මගේම කියල වැඩසටහන් නිෂ්පාදන ආයතනයක්‌ කරගෙන යනවා.
මං ඉගෙනගත්ත දේට වටිනාකමක්‌ දෙන්නයි ඒ ආයතනය මම පටන් ගත්තේ.

ඔබේ වැඩසටහන් නිෂ්පාදන ආයතනය ගැන යම්කිසි සඳහනක්‌ කළොත් ?
මම කලින් කිව්ව වගේ මම ඉගෙන ගත්තේ මාධ්‍ය හා තාක්‌ෂණය විෂය.
ඒ ඉගෙන ගත්ත දේට වටිනාකමක්‌ දෙන්නයි මේ ආයතනය මම පටන් ගත්තේ. INNOV 8 තමයි ආයතනයේ නම. ඒ වැඩ කටයුතුත් කරගෙන යනවා.
වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා, ඉවෙන්ට්‌ස්‌ මේ වගේ වැඩ තමයි දැනට කරගෙන යන්නේ. අන්තර්ජාලය තුළ ගොඩක්‌ ජනප්‍රිය වුණ ගොඩක්‌ ගීත රූප රචනා තියනවා.

අදහසක්‌ තියනවද රංගනය හා නිවේදනයෙන් ඈත්වෙලා තමන්ගේ ආයතනයේ වැඩ විතරක්‌ කරගෙන යන්න ?
එහෙම අතහැරල යම් යම් දේ කරගෙන යනවනන් ඒක මගේ රසිකයන්ට කරන හානියක්‌.
මම වෘත්තීය කලාකරුවෙක්‌ නිසා එහෙම අතෑරල දාන්න අදහසක්‌ නැහැ. මම ඉගෙන ගත්ත දෙයිනුත් ප්‍රයෝජනයක්‌ ගන්න ඕන නිසා තමයි ඒ දේත් කරගෙන යන්නේ.

මාධව රඟපෑමට එන්නේ කිසියම් හැදෑරීමකින් පසුවද?
මම මුලින්ම රඟපෑමට එන්නේ අශෝක හඳගම මහතාගේ චන්න කින්නරී චිත්‍රපටයෙන්.
ඒ 1993 දී. ඊට පස්‌සේ කුඩා කාලයේදී ඉඳන්ම වේදිකා නාට්‍යවලට සහභාගි වෙන්න අවස්‌ථාව උදා වුණා.
ගොඩක්‌ අවස්‌ථාවලදී රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සදහා සහභාගි වෙන්න පුළුවන් වුණා. එයත් එක්‌කම ගොඩක්‌ වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වුණා.
ඒ අත්දැකීම්ම තමයි මගේ පාසල වෙන්නේත්. එහෙම දක්‌ෂතා දක්‌වගෙන උත්සාහයෙන් උනන්දුවෙන් ආපු ගමනක්‌ තමයි මේක.

එකම රාමුවකට කොටුවෙලා වගේ දැනෙන්නේ නැද්ද ?
මම සම්බන්ධ වුණ හැම චරිතයක්‌ම අධ්‍යක්‌ෂකවරයාගේ උවමනාවට අනුව සිදුවෙලා ඇති. ඒ නිසා එහෙම දෙයක්‌ මටනන් හිතෙන්නේ නැහැ.

සිනමාවට යන්නේ නැත්තේ ?
ආරාධනා නොලැබෙනවා නෙවෙයි. ඒත් මගේ කාලවේලාව සහ මගේ කැමැත්ත තිබිය යුතුයි ඒ චරිත වලට.
ඒ හේතුව නිසා තමයි තවම සිනමාවට නොගියේ. හිතට හරියන චරිතයක්‌ ලැබුණොතින් කාලවේලාව හදාගෙන රංගනයෙන් දායකත්වය ලබාදෙන්න බලමු.

තවම සම්මානයක්‌ ලබාගන්න බැරි වුණා නේද ?
සම්මානයක්‌ ලැබෙන්න සුදුසුයි කියල ජනතාව තීරණය කරන දවසක ඒ සම්මානය ගන්න මම සූදානම්.

ක්‌ෂේත්‍රය ඇතුළේ මාධවට කැපිලි කෙටිලි තියනවද ?
මටනන් එහෙම කිසිම දෙයක්‌ නැහැ. ඒ ඒ කලාකරුවාට අනන්‍ය වූ ලක්‌ෂණ තියෙනවා.
කාගෙවත් දක්‌ෂතා තව කෙනෙක්‌ට ගන්න බැහැ. ඒ නිසා එහෙම කැපිලි කරලා කකුලෙන් ඇදලා වැඩක්‌ නැහැ කියලයි මම නම් විශ්වාස කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!