Gossip

ලන්ච් ෂීට් වල කෑම ඔතන අයටයි රෙජිෆෝම් පෙට්ටිවලට කෑම දෙන අයටයි ඉදිරියේදී වැඩ වරදින හැටි මෙන්න

පොලිතීන් ආහාර දවටන (ලන්ච් ෂීට්‌) , රෙජිෆෝම් ආහාර දවටන පෙට්‌ටි හා ෂොපින් බෑග් භාවිතය ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ පොලිතින් හා ප්ලාස්‌ටික්‌ මගින් පරිසරයට වන හානිය වැළැක්‌වීමටයි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මාධ්‍යය හමුවේ ප්‍රකාශ කර සිටියේ. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදනවලට අනුව 2006 ඔක්‌තෝම්බර් මස 10 වැනිදා නිකුත් කර ඇති අංක 1466-S දරන පනතේ රෙගුලාසිවලට අනුව මෙම තහනම පැනවූ බවයි.

මේ අනුව ඉහත ද්‍රව්‍යයන් ආනයනය, නිෂ්පාදනය හා විකිණීම සහ භාවිතය තහනම් වන අතර එය උල්ලංඝනය කරන්නන් හට ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදනවලට අනුව සහ සිවිල් නීතිය අනුව දඬුවම් පැමිණ විය හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා කියා සිටි‍යා.

එසේම ජාතික, ආගමික, සමාජීය, සංස්‌කෘතික සහ දේශපාලන උත්සව ඇතුළු සියලු උත්සවයන්හිදී පොලිතින් භාවිතය තහනම් බවද විවෘත භූමියේ හෝ පරිශ්‍රයේ පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ පිළිස්‌සීම තහනම් බවත් ඔහු සඳහන් කළා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!