Gossip

එෆ්.එම්. දෙරණ ඇටෑක් ෂෝ 21 වැනිදා අම්පාරේදී

සුපිරි තරු රැසක් පායන ඩයලොග් මෙගා වාසනා එෆ්.එම්. දෙරණ ඇටෑක් ෂෝ මේ මස 21 වැනිදා අම්පාරේදී

ඩයලොග් මෙගා වාසනා එෆ්.එම්. දෙරණ ඇටෑක් ෂෝ මේ මස 21 වැනිදා අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ උත්කර්ශවත් සංගීතමය අත්දැකීම වර්ණවත් කරන්නට සුපිරි තරු රැසක් එක්වීමටද නියමිතයි.

ඒ සුපිරි තරු ගොන්නේ තරුණ හදවත් ආදරයෙන් වැළඳගත් ගායකයෙක් තමයි දිමංක වෙල්ලාලගේ.

දිමංක ගැයූ ගීත අතර අවසාන ප්‍රේමයයි, වරදක් කියන්නේ නෑ, ඔබමද මේ, අවසන් පෙම මගේ, ආදරෙයි වස්තු යන ගීත රසික හදවත් අමන්දානන්දයට පත්කළ ගීත අතරින් කිහිපයක්.

දිමංකගේ උපන්දිනය ජූලි මස 11 වැනිදා යෙදී තිබෙන අතර හික්කඩුවේදී දිමංක මෙලොව එළිය දකිනවා.

පසුව සංගීතය හදාරමින් නිදුකින් ඉනු මැන ගීතය හරහා රසිකයින් අතරට පැමිණි දිමංක ටික කාලයකින් සිය හැකියාවෙන් ඉක්මනින්ම ජනප්‍රියත්වයට පත්වුණු චරිතයක්.

ඉතිං දිමංක ඇතුළුව තවත් තරු පොකුරක් පායන ඩයලොග් මෙගා වාසනා එෆ්.එම්. දෙරණ ඇටෑක් ෂෝ මිහිර විඳගන්න 21 වැනිදා අම්පාරට ඔබත් අනිවාර්යෙන්ම පැමිණෙන්න.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!