Gossip

ලව් එක බ්රේක් වුණායින් පස්සෙ මං ගොඩක් මෙන්ටලි වැටිලයි හිටියේ – ඔබට විය නොහැකි ඇය චමරි

ගෑනු ළමයෙක් බොහොම ආදරෙන් වගේ ම පරිස්සමට බලාකියාගන්න දෙයක් තමයි කොණ්ඩෙ. කොහොමටත් ලස්සන දිග කොණ්ඩයක් ගෑනු ළමයෙක්ගෙ ආකර්ෂණීය බව වැඩි කරනවා. එහෙම තියෙද්දි ලස්සන තරුණ කෙල්ලෙක්ට තට්ටෙ ගාන්න වුණොත් කොයිතරම් ලෝබ හිතේවිද?
ඒ ලෝබකමට වැට බැඳලා තමන්ගෙ කොණ්ඩෙ තට්ටෙටම ගාලා දාපු චමරි මහඅරඹේ නමැති තරුණියක් ගැන සතිඅන්ත පුවත්පතක පලවී තිබූ කතාවකි මේ.

රඟපාන්නවත් රැල්ලටවත් නෙවෙයි. එයා එයාගෙ කොණ්ඩෙ දන්දුන්නා. ඒ පිළිකා රෝගීන්ට විග්ස් හදන්න.
චමරිගේ වගතුග ටිකක් කියනවා නම් එයාලගේ ගෙවල් නුවර. නුවර ඉස්කෝල කිහිපයකට ගිහින් තියෙන චමරි අන්තිමේට A/L කරලා තියෙන්නෙ මීගමුව සෙන් පීටර්ස් එකේ. ඒ 2002දී. තාවකාලික පදිංචිය මහරගම. මේකප් ආර්ටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. ගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි මල්ලියි.
ඔන්න එහෙනම් අහගන්න. මේ තමයි චමරිගෙ කතාව… එයාගෙම වචනවලින්.
“මට ඉස්සර ඉඳලම ආසවක් තිබුණා, කොණ්ඩෙ ඩොනේට් කරන්න.
ඒ දවස්වල ගෙදර අය කැමති වුණේ නෑ. බෝයි ෆ්‍රෙන්ඩ් කැමති වුණෙත් නෑ. දැන් ඒ සම්බන්දෙ ඉවරයි.
ඉතිං චාන්ස් එකක් ආව ගමන් මං මගේ හිත කැමති දේ කළා. ඒත් මං හිතුවෙ නෑ එහෙම කොණ්ඩෙ ඔක්කොම අයින් කරලා දෙනවා කියලා.
ඒ වෙලාවේ මට ආව හැඟීමත් එකත් මං ඔක්කොම ටික දුන්නා.
මෙහෙ මහරගම කැන්සර් හොස්පිට්ල් එකේ ඉස්සර කරාට දැන් එකේ හෙයා කලෙක්ට් කරන එක කරන්නෙ නැහැලු.
මොකද මෙහෙ මෙඩිකල් විග්ස් වැඩිය හදන්නෙ නැති නිසා. නිව්සීලන්ඩ්වල කරනවා. එහෙ මගේ යාළුවෙක් ඉන්නවා.
එයා අවුරුද්දට හතර වතාවක් විතර ලංකාවට එනවා හෙයා ඩොනේට් කරන අයගෙන් කලෙක්ට් කරගෙන යන්න. ඒ එහෙ කැන්සර් හොස්පිට්ල් එකකට.
තව හතරපස් දෙනෙක් හිටියා ඒ අය සම්පූර්ණයෙන් දුන්නෙ නෑ.
උරහිස ගාවට විතර ඉතුරුවෙන්න කපලා දුන්නා. ඒ එයාලගේ කොණ්ඩ දිගට තිබිච්ච නිසා.
මගෙ සාමාන්‍යයෙන් පිට හරියට වගේ කොණ්ඩයක් තිබුණෙ. කොණ්ඩෙ ඔක්කොම අයින් කරලා දැම්මට පස්සෙ මගෙ මූණ දැක්කම මට ම දුක හිතුණා.
මං කාටවත් කිව්වෙ නෑ කොණ්ඩෙ දෙන්න යනවා කියලා.
දීලා ඉවරවෙලා ෆොටෝ එකක් ගහලා මල්ලිට යැව්වා. මල්ලිගෙන් හොඳටම බැණුම් අහන්න වුණා.
අම්මා නම් ඇඬුවත් එක්කයි. මොකද මං පොඩි කාලෙවත් මගෙ කොණ්ඩෙ තට්ටෙ ගාලා නැහැලු.
පස්සෙ හැමෝම මං කරපු දේ ඇප්‍රිෂියේට් කරන්න ගත්තට පස්සෙ ගෙදර අයත් කිව්වා ඔයා කරපු දෙයින් ඔයාට හොඳක් වෙයි කියලා.
මගෙ ලව් අෆෙයාර් එක බ්රේක් වෙලා තිබුණෙ. ඉතින් මගේ එක්ස් බෝයිට මගේ යාළුවෙක් යවලා මං තට්ටෙ ගාලා ඉන්න පික්චර් එකක්.
ඒක දැකලා එයා හිතලා තියෙන්නෙ මං මේ මහණ වෙන්න යනවා කියලා. එයා මගෙන් ඇහුවා “මගෙ අතින් මොකක් හරි වැරැද්දක් වුණාද ඔයා එහෙම කරන්නෙ?” කියලා.
මං කිව්වා “නෑ මගෙ හිත කලකිරිලා නෙවෙයි. ඔයා කලබල වෙන්න එපා මේක ඔයා හින්දා වෙච්ච දෙයක් නෙවෙයි.” කියලා. එයා ඇඬුවා. “මං ඔයාගේ කොණ්ඩෙට ගොඩක් ආසයි.
ඇයි කැපුවෙ? මං ඕකට ඔයාට කවදාවත් සමාව දෙන්නෙ නෑ” කියලත් එයා කිව්වා. මං හිතුවට වැඩිය හැමෝටම වඩා එයා දුක් වුණා.
වට පිටේ මිනිස්සු ටිකක් අමුතුවට බැලුවා. තට්ටෙ ගාලා ඉද්දි එයාලා හිතුවෙ මට කැන්සර් එකක් කියලා.
මං කාටවත් කියලා තිබුණෙ නෑනෙ කොණ්ඩෙ ඩොනේට් කළා කියලා. ඒ වුණත් කැන්සර් එකක් කියලා ඒ ගොල්ලො අනුකම්පාවෙන් වගේ බලන හින්දා තමයි ෆේස්බුක් එකේ පික්චර් එකක් දාලා මගේ කොණ්ඩෙ ඩොනේට් කළා කියන එක ප්‍රසිද්ධ කළේ.
ලව් එක බ්රේක් වුණායින් පස්සෙ මං ගොඩක් මෙන්ටලි වැටිලයි හිටියෙ. කාලෙත් එක්ක ආයෙම නැගිටින්න පුළුවන් වුණා.
මට හිතෙනවා මං එච්චර ආදරේ කරලත් මට එයාව නැති වුණේ මං කලින් ආත්මෙක කරපු මොකක් හරි පවක් හින්දනේ…
ඒ පව හරි කවර් වෙන්න පිං කරන්න ඕනෙ කියලා. ඉතින් මං හම්බ කරන දෙයින් පුළුවන් විදිහට පිංදහම් කරගෙන ජීවත් වෙනවා.
ලොකු බලාපොරොත්තු නෑ.
කොහොමත් ලව් එක බ්රේක් වුණායින් පස්සෙ කිසිම දෙයක් ගැන ලොකු ආසාවක් තිබුණෙ නෑ. ජීවිතේ ගැනත් ටික ටික කලකිරෙන්න ගත්තා.
ගොඩක් කැමැත්තෙන් හිටියා මහණවෙන්න. අම්මිලා කැමති වුණේ නෑ. මෙහෙණින් වහන්සේ කෙනෙක් හිටියා මම ළඟින් ආශ්‍රය කරපු. මට කිව්වා අම්මලා තාත්තලට විරුද්ධ වෙලා, ඒ අයගෙ හිත් රිද්දලා කවදාවත් ඒ වගේ තීරණයක් ගන්න එපා කියලා. ලස්සන ගිහි ජීවිතයක් ගතකරන්නයි කිව්වා. ගෑනියෙක් වුණාම දරුවෙක් නළවන්න ඕනෙ.
මේ රටට ජාතියට දරුවෙක් දීලා පස්සෙ කාලෙක හිතුනොත් ඇවිත් මහණ වෙන්න කිව්වා. ඒ වුණත් මං කලින් බෝයිට ගොඩක් ආදරෙයි. අපි දෙන්නා අතර ලොකූ රණ්ඩු ඇතිවුණා. එයා එයාගේ වැරැද්ද තේරුම් ගෙන ආයෙත් මගේ ළඟට ආවොත් එයත් එක්ක ජීවිතේ ඉස්සරහට අරන් යනවා. වෙන කෙනෙක් එක්ක මැරේජ් ලයිෆ් එකකට යන්න දැනට නම් අයිඩියා එකක් නෑ. ජීවිතේ කොහොම වෙනස් වෙයිද කියන්න බෑ. කවුරු කවුරු අපේ ජීවිතවලට එයිද යයිද කියනත් බෑ. ඒ වුණත් මම දැනට ඉන්නෙ අර තීරණේ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!