Gossip

පෙම්වතා හෝ පෙම්වතිය සමග ලිංගිකව හැසිරෙන්න බයද? බයවෙන්න එපා -නීතියෙන් තහනමක් නෑ

sccxccc

පෙම්සුව විඳින්න යන පෙම්වතුන් පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථා නිරන්තරයෙන් වාර්තා පළවෙනවානේ.

අප ඊයේ දිනයේත් ඔබට වාර්තා කළා ලැඟුම්හල් සහ සිනමාහල්තුළ පොලිසියේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා කියලා.

නමුත් පොලිසිය මේ ගැන කිව්වේ පොලිසියේ කිසිදු සූදානමක් මේ සඳහා නොතිබුණු බවයි.

මේවගේ අත්අඩංගුවට පත්වන සමහර දෙනා සමාජයට හෝ තමන්ගේ පවුලේ සාමාජිකයන්ට මුහුණ දෙන්න බැරිව සියදිවිහානි කරගත් අවස්ථාද මාධ්‍ය ඔස්සේ ඔබට දකින්න ලැබෙනවා.

කොහොම වුනත් අවිවාහක තරුණ යුවලකට හෝ අඹු සැමියන් නොවන වැඩිහිටි යුවලකට ලැඟුම්හලක හෝ වෙනත් පොදු ස්ථානයක පෙම්සුව විඳීමට නීතියෙන් බාධාවක් තියෙනවාද? ඒ ගැන ඔබ දැනුවත්ද?

අපි මේ කියන්න යන්නේ ඒක ගැන.

අවුරුදු දහ අට ඉක්මවූ බාලවයස්කරුවන් නොවන ඕනෑම අයෙකුට තමන් කැමති ස්ථානයක නිදහසේ කාලය ගත කිරීමට නීතියෙන් බාධාවක් නොමැති බව මේ ගැන කරපු විමසීමකදී මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ කියලා තියෙන්නේ.

තරුණ තරුණියන්ට සිප වැළඳ ගැනීමට හෝ ලිංගිකව එක් වීමට නීත්‍යනුකූල තහනමක් නොමැති වුනත් එවැනි චෝදනා සම්බන්ධයෙන් තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇතැම් විනිසුරන් ද පොලිසියේ ක්‍රියාකලාපය අනුමත කරන ස්වභාවයක් දකින්න ලැබෙනවා කියලා තමයි ඔහු කියලා තියෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!