Gossip

අලියකුගේ බඩින් කිලෝ 15ක පොලිතින් මතුවෙයි (වීඩියෝ)

ele

සතුන්ට කන්න දෙයක් නැතිවුනාම මිනිස්සු හැමතැනම දාලායන පොලිතින් කනවා. ඒ බඩගින්න නිවාගන්න.

ඒ නිසා කොච්චර සතුන් ප්‍රමාණයක් මැරෙනවා ඇත්ද?

ඉතින් මෙහෙම පොලිතින් කාලා කිසිම කෑමක් කන්න බැරිව මනම්පිටිය නෙලුම්විල කසළ ගොඩ අසල මඩ වගුරක වැටිලා හිටිය අලියෙකුගේ බහිස්‍රාවීය ඉන්ද්‍රිය තුළ හිරවී තිබූ පොලිතින් කිලෝ පහළොවක් පමණ ඉවත් කරලා තියෙනවා.

අවුරුදු 35ක් පමණ වයසැති මෙම වන අලියා මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් තවත් පොලිතින් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවද වාර්තා වුණා.

වනජීවී නිලධාරීන් කියලා තියෙන්නේ මේ ප්‍රදේශයේ පොලිතින් මලු සමඟ ඉවතලන දෑ ආහාරයට ගැනීමෙන් වසර පහක් තුළ මීට පෙර අවස්ථාවලද අලි අටදෙනකු මියගිහින් තියෙනවා කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!