Gossip

සිසේරියන් සැත්කමින් පසු බඩට පුළුන් දැමූ වෛද්‍යවරයාට වැඩ වරදියි

sssssssss

අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන්නට රෝහල වෙත යන්නේ කොතරම් ශාරීරික පීඩාවකින්ද? මානසික පීඩාවකින්ද?

මෙහෙම රෝහලකට ගිය 23 හැවිරිදි දෙදරු මවක් දරුවා බිහිකරන්නට සිසේරියන් සැත්කමක් සිදුකළ අවස්ථාවේදී නොසැලකිලිමත් ලෙස තම කුස තුළ විශාල පුළුන් ගුලියක් තැබිමෙන් ජීවිත අවදානමකටත් ලක්වූ පුවතක් ගැන අපට වාර්තා වුණා.

මාස 05ක් තිස්සේ ඇයගේ කුසයේ මේ විශාල පුළුන් කැබැල්ල සිරවී තිබුණා.

මේ නිසා පෞද්ගලික රෝහලක ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයකුගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ඇය ඊයේ (14) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබෙනවා

මාස පහක් තිස්සේ අනේකවිධ බරපතළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත් අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සැලැස්වීමත් සම්බන්ධයෙනුයි මැය මෙම නඩුව ගොනු කර ඇත්තේ.

අදාළ මව 2016 ජනවාරි මස 03 වැනි දින දරු ප්‍රසූතිය සඳහා අදාළ පෞද්ගලික රෝහලට ඇතුළු වූ බවත් එහි සිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සී. වර්ණසූරිය විසින් තමාට මෙම සැත්කම සිදුකළ බවත් පවසමින් ඇය නඩු මඟට පිවිස තිබෙනවා.

සිසේරියන් සැත්කමින් පසුව දින කිහිපයකින් තමන්ට පසු උදරයේ අධික වේදනාවක් ඇතිවූ නිසා ඒ පිළිබඳව වෛද්‍යවරයා හමුවී පැමිණිලි කළ විට වේදනා නාශකයක් පමණක් දුන් බවත් දිගින් දිගටම වේදනාව වැඩි වූ නිසා වෙනත් වෛද්‍යවරයකු ලවා සිදු කරගත් ස්කෑන් පරීක්ෂණයකදී යමක් කුස තුළ ඇති බව අනාවරණය වූ බවත් ඇය කියා තිබෙනවා.

සිද්ධියෙන් පසුව 2014 වසරේදී මෙම පුළුන් කැබැල්ල උදරයෙන් පිටතට ගත් නමුත් එය බඩවැල් සමඟ ඇලී තිබූ නිසාවෙන් ඉන් කොටසක්ද ඉවත් කිරීමට සිදුවෙලා තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!