Gossip

පියාගේ දේහයට වැද ශිෂ්‍යත්වයට ගිය පුංචි හර්ෂි මළ ගෙදරම හඬවයි – Photos

සිය පියාගේ දේහය නිවසේ තිබියදී ඊයේ (20) පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දැරියක පිළිබඳව පුවතක් සුරියවැව විහාරගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

විභාග දිනයේ මියගිය තම පියාගේ දේහය නිවසේ තිබියදී විභාගයට පිටත්වන්නට සිදුවීම එම අවස්ථාවේ කාගේත් නෙතට කඳුලක් එක්කර තිබුණු අතර ඇය දේහයට වැඳ අවසර ගෙන පසුව විභාගයට පිටත්ව ගොස් තිබුණා.

එම් පී සෝමදාස නමැති ඇගේ පියා හදිසියේ මියගොස් තිබුණේ මොළයේ පිළිකාවක් වැළදීම හේතුවෙන්.

ඉතා කෙටි කාලයක් තුළ පියාගේ අසනීපය පිළිබඳව වෛද්‍යවරුන් සොයාගෙන තිබූ  අතර ඔහු මියගොස් ඇත්තේ පසුගිය 18 වනදා බවටයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිය මෙසේ කියා තිබුණි.

‘මිය ගියේ මගේ මහත්තයා. එක සැරේටම තමයි මගේ මහත්තයා ලෙඩ වුණේ. අපිටත් මේ මොනවත් හිතාගන්න බැ.මහත්තයා රස්සාවට කලේ මේසන් වැඩ කරන එක.අපි කවුරුත් ජිවත් වුනේ මහත්තයාට ලැබෙන මුදලින්. මහත්තයාගේ දේහය ගේ ඇතුලේ තියෙද්දී තමයි චූටි දුව ශිෂ්‍යත්ව විභාගයට ගියේ. මහත්තයා අන්තිමටම අසාධ්‍ය වුණ දවසෙත් මට කිව්වේ මං නැති වුනත් දරුවෝ ටිකට හොදට උගන්වන්න කියලා.‘

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!