Gossip

ඩෑන් ප්‍රියසාද් දිනක්ෂි ප්‍රියසාද්ගේ අයියාද..? හැමතැනම පැතිරුණු කතාවේ ඇත්ත දිනක්ෂි හෙළිකරයි – Photos

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරය කරන ජනප්‍රිය නිළියක්.
ඇය ගැන පසුගිය දවස්වල වෙනස්ම කතාවක් මුහුණුපොතේ හුවමාරු වුණා.
ඒ තමයි දිනක්ෂිගේ සහෝදරයෙක් කියලා හදුන්වන කෙනෙක් දැමූ සටහනක්.
මේ ගැන දිනක්ෂි පුවත්පතකට මේ විදිහට අදහස් දක්වා තිබුණා.

ඇත්තද මේ පැතිරෙන කතා..?
එක එක කතා පැතිරෙනවනේ.. මොන කතාව ගැනද ඔය අහන්නේ..?

දිනක්ෂිගේ වැඩිමල් සහෝදරයා ගැන..?
මමත් ඒ වගේ කතාවක් FB එකේ දැක්කා.

ඒ කියන්නේ දැන් සහෝදරයෝ අඳුන ගන්නෙත් FB එකෙන් වගේ ?
අනේ මන්දා, මේවා කාගේ උවමනාවට මොන පදනමකින් කියන කතාද කියලා.

ඒ කතාවේ ඇත්තක් නෑ කියලද කියන්නේ..?
කවුරුත් දන්නවනේ අපිට අයියා කෙනෙක් නෑ කියලා. අඩුම තරමේ ප්‍රියසාද් නමින් ඥාති සහෝදරයෙක්වත් අපට නෑ.
මොකද අපේ වාසගම නෙවෙයි ප්‍රියසාද් කියන්නනේ.
අපේ වාසගම පීරිස්. තාත්තා ප්‍රියසාද්, මහප්පා අර්ථසාද්, ඒ නිසා තාත්තයි අපි තුන්දෙනයි අම්මයි හැරෙන්න අපේ පවුලේ වෙන කවුරුත් ප්‍රියසාද් නම භාවිත කරන්නේ නෑ.

එහෙනම් කවුද මේ හිටි හැටියේ පාත් වෙච්ච ප්‍රියසාද් අයියා..?
ඒ ගැන අදහසක් ප්‍රකාශ කරන්නවත් අදහසක් නෑ.
ප්‍රියසාද් කියන නම ඕනෑම කෙනෙකුට තියෙන්න පුළුවන්නේ.
ඒත් නම තිබුණ පමණින් හැමෝම මගේ අයියලා වෙන්නේ නෑනේ.

ඔය කියන අයියව දිනක්ෂි දන්නවද..?
නැහැ.. මම තාත්තගෙන් ඇහුවා දන්න කෙනෙක්වත්ද කියලා. ඇත්තටම අපි කවුරුත් එයාව පෞද්ගලිකව දන්නේ නෑ. අනික එයා කිසිම තැනක අපි එයාගේ නංගිලා කියලාවත්, අම්මා තාත්තා ගැනවත් කියලා නැහැනේ. වෙන අයනේ මේ නෑකම හදන්න උත්සහ කරන්නේ..

කවුරු කතාව හැදුවත් ඒ පුද්ගලයත් කිසිම තැනක වෙච්ච වැරැද්ද නිවැරදි කරලා නෑනේ..?
ඔව්.. මමත් එහෙම නිවැරදි කිරීමක් දැක්කේ නෑ. සමහර විට දැක්කේ නැද්ද දන්නේ නෑනේ.
නැත්නම් නොමිලේ ලැබෙන ජනප්‍රියතාවක් නිසා නිශ්ශබ්දව ඉන්නවද දන්නේ නෑනේ.

ඒ අයියත් නෙවෙයි නම් පැතිරෙන කතාවත් බොරුවක්නම් මේක කවුරු හරි විනෝදයක් ගන්න කරපු වැඩක් වෙන්න බැරිද..?
වෙන්න පුළුවන්.. අපි තුන්දෙනාවත්, අම්මා තාත්තාවත් මේ කතාව ගණන් ගත්තේ නැති නිසා ප්‍රශ්නයක් නෑ.
ඒත් මේ වගේ දේවල් ඇස් රතුවෙන විහිළු කියලා ඔය විහිළු කරන අය දැනගත්තොත් හොඳයි.

සමහර අය විහිළුවක් කියලා බැහැර කළාට තවත් සමහර අය සැබෑවක් විදිහට සලකලා කියලා මුහුණුපොතේ ප්‍රතිචාරවලින් තේරෙනවා..?
හේතුවක් ඇතුව හෝ නැතුව ඕන කෙනෙක්ට මඩ ගහන්න එහෙම නැත්නම් මඩ ගහනවා බලා ඉඳලා සතුටු වෙන පිරිසකුත් ඉන්නවනේ.
ඒ අයගේ ප්‍රතිචාරවලින් ඇත්තටම අපි සැලෙන්නේ නෑ.
අපේ පවුල ගැන නොදන්නා කෙනෙක්ට බැලූ බැල්මට ඒ කතාව ඇත්ත කියලා හිතෙන්න පුළුවන්. අපිට ආදරය කරන ඒ රසිකයන්ටයි කියන්නේ අපිට අපි තුන්දෙනා හැරෙන්න අයියා කෙනෙක් නෑ.

ජනප්‍රියත්වය නිසාමද මන්දා මේ දවස්වල දිනක්ෂිට මඩ වදිනවා වැඩියි..?
අපිට නැති ප්‍රශ්න අපි ගැන සමහර අයට තියෙනවනේ. ඒ අයට වෙන වැඩක් නැති නිසා එයාලම ප්‍රශ්න හදාගෙන ඒ ප්‍රශ්න ප්‍රශ්නයක් කරගෙන දඟලනවා.
ඒ වගේ අයට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
එයාලා අපේ ප්‍රශ්න කරේ තියාගෙන දඟලනකොට අපි අපේ පාඩුවේ අපේ ගමන යනවා.

දිනක්ෂි කලකිරීමෙන්ද කතා කරන්නේ..?
අපෝ නෑ.. ඔය වගේ තේරුමක් නැති දේවල්වලට කලකිරෙනවා නම් අපිට වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිවෙයි.

මේ දවස්වල කලා කටයුතු කොහොමද..?
වෙනදා වගේම ෂූටින්වලට තමයි කාලය ගතවෙන්නේ. චිත්‍රපට දෙකකට දායක වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!