Gossip

පැරදුණු නිසා දඹුල්ලේදී ක්‍රීඩකයින්ට හූ කියූ සිද්ධිය ජාත්‍යන්තරයට යයි – සංගක්කාර වීඩියෝවකින් ක්‍රීඩකයින් සමඟ ඉන්නැයි ඉල්ලයි – වීඩියෝ

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (20) පැවති පළමු එක්දින තරඟයෙන් පසුව කළහකාරීව හැසිරුණු ප්‍රෙක්ෂකයින් ක්‍රීඩා පිටිය මැදට පැමිණි සිය විරෝධය පාන්නට වූ අතර පොලිසිය පැමිණ පිරිස ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

මේ අවස්ථාවේදී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල අමුත්තන්ගේ කාමරයේ සිට ඒ දෙස බලා සිටින ආකාරයද දැක ගත හැකි වුණු අතර ක්‍රීඩකයින්ට හූ කියමින් එම අවස්ථාවේ බොහෝ පිරිසක් ක්‍රීඩා පිටියට ඇතුල් වන්නටද උත්සාහ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩා පිටියෙන් ඉවතට ගෙන යෑමට පොලිසියට දැඩි ආරක්ෂාවක් යොදවන්නට සිදුවන අයුරු දැක ගත හැකි ව තිබූ අතර දිගින් දිගටම හිමිවන පරාජයන් රැල්ල අවසන් නොවීමත් , ඒවාට නිසි විසදුම් සෙවීමට බලධාරීන් හා ක්‍රීඩකයන් අසමත් වීමත් මෙලෙස ක්‍රීකට් රසිකයන් විරෝධතා ඇරඹීමට හේතූ වී ඇතැයි පැවසෙනවා.

මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යද පුවත් පළකර තිබුණු අතර ප්‍රසිද්ධ වෙබ අඩවියක් වන ESPNහි සඳහන්ව ඇත්තේ 50ක පමණ පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රැගත් බස් රථයට හූ කියමින් කෑ ගසමින් විරෝධතා දැක්වූ බවයි.

මේ අතර ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරද වීඩියෝවක් මඟින් සියළු දෙනා සමඟින් එක්ව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළ යුතු බවත් රට දිනවන්නට එකාවන්ව එක්වන ලෙසත් පවසමින් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!