Gossip

මුඛ සංසර්ගයෙන් භයානක රෝගයක් මතුවෙයි – සම්පූර්ණ විස්තරය මෙන්න

මුඛ සංසර්ගය හේතුවෙන් මතුවී ඇති භයානක තත්වයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා

ගොනෝරියා බැක්ටීරියාවේ පාලනය කළ නොහැකි භයානක තත්ත්වයක් මුඛ සංසර්ගය හේතුවෙන් මතුවී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

යම් පුද්ගලයෙකු හට ගොනෝරියා වැළඳුනහොත් ප්‍රතිකාර කිරීම අසීරු මෙන්ම බොහෝ විට එමගින් පලක් නොවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මුඛ සංසර්ගය මගින් උගුරට ඇතුළුවන ගොනෝරියා බැක්ටීරියාව, එතුළ ඇති පරිසරය හේතුවෙන් එය සුපිරි – ගොනෝරියාවක් බවට පත්වන බවයි විදෙස් මාධ්‍ය වෙත එම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ජනනේන්ද්‍රිය, අධෝ මාර්ගය හා උගුර ආශ්‍රිතව ගොනෝරියා ආසාදනය විය හැකියි.

ලිංගික සබඳතාවලින් ආසාදනයවන මෙම බැක්ටීරියාව ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධය දැක්වීමේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන අතර මේ සඳහා නව ඖෂධ වර්ග කිහිපයක් නිකුත්වීමට නියමිතව තිබුනද දැනට තත්වය එතරම් සතුටුදායක නොවන බවයි විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ.

වාර්ෂිකව ලොව පුරා මිලියන 78 ක පිරිසක් ලිංගාශ්‍රිත රෝගවලට ලක්වන අතර එය දරුඵල නොලැබීමට ද හේතුවකි.

ඒක සෛලික ක්ෂුද්‍ර ජීවියෙකු නිසා හට ගන්නා රෝගයක් වන ආරක්ෂාකාරී නොවන පරිදි යෝනිය, මුඛය හා අධෝ මාර්ගය ආශ්‍රිත සංසර්ගයෙන් රෝගය ආසාදනය වේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!