Gossip

සිම්බාබ්වේ ක්‍රීඩකයෙක් නිසා හම්බන්තොට මහ රෝහල ජාත්‍යන්තරයට ගිය හැටි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් යුත් එක්දින තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා කියලා කවුරුත් දන්නවානේ.

ඉතින් වසර දෙකකට පසුව ක්‍රිකට් තරගයක් පැවැත්වෙන හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්ත‍ර ක්‍රීඩා පිටියට මේ තරගාවලියේදී තරග තුනක් ලබා දී තිබෙනවා.

කොහොමවුනත් හම්බන්තොට හෝටලයක නැවති සිටිනා සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩක Ryan Burl හදිස්සි අසනීප තත්වයක් නිසා ප්‍රතිකාර සදහා හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කර තිබුණා.

ප්‍රතිකාර වලින් පසුව සුව වූ ඔහු රෝහලෙන් නික්ම ගොස් තිබූ අතර Ryan සිය නිළ ට්විටර් ගිණුම හරහා ලොවම ඉදිරියේ හම්බන්තොට මහ රෝහලේ කාර්යමණ්ඩලයට ස්තූති කිරීමට අමතක කර තිබුනේ නැහැ.

Ryan Burl ගේ රෝගය අසාධ්‍ය වූ අවස්තාවේ සිට මුළු රැයක් පුරාම වෛද්‍යවරුන් සහ එහි කාර්ය මණ්ඩලය ඔහු පිළිබදව සැළකිලිමත්වී ඔහුට හොදින් ප්‍රතිකාර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

Ryan සිය ට්විටර් ගිණුමට මෙලෙස සටහනක් එක් කර තිබුනා.

“හම්බන්තොට රෝහලේ කාර්ය මණ්ඩලය සහ වෛදවරුන්ට බොහොම ස්තුතියි මාව සුවපත් කළාට. බිය දනවන අත්දැකීමකින් මා මිදුනා”ලෙසට ඔහු ලොවටම පෙනෙනා සේ හම්බන්තොට මහා රෝහල වර්ණනා කර තිබුණා.

අදාළ ට්විටර් පණිවිඩය සහ ඡායාරූප කිහිපයක් පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!