Gossip

නඩු ගාස්තු වෙනුවට කරාබු ඉල්ලු නීතිඥයින්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියන් දෙදෙනෙකු කාන්තාවකගේ කනෙහි තිබූ කරාබු ජෝඩුව   ලබාගැනීම පිළිබඳව පුවතක් වාර්තාවෙනවා.

ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සිය සැමියාගේ නඩුවකට මෝසමක් ගොනු කිරීමට මේ කාන්තාව අධිකරණයට පැමිණ ඇති අතර ගාස්තු ගෙවීමට ප්‍රමාණවත් මුදලක් ඇය සතුව තිබී  නොමැත.

සිද්ධිය සැකවින් මෙසේය අදාළ කාන්තාව අධිකරණයේ දී මෙම නීතිඥවරියන් හඳුනාගෙන තමා පැමිණි කාරණාව ඔවුන්ට පවසා තිබෙනවා. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය බවට නීතිඥවරියන් එම කාන්තාවට දන්වා තිබෙනවා. තමා සතුව මුදල් නොමැති බව ඇය එම අවස්ථාවේදී පවසා ඇති  අතර  එසේනම් කනෙහි ඇති කරාබු ජෝඩුව මුදල් වෙනුවට ලබාදෙන ලෙස නීතිඥවරියන් කළ ඉල්ලීමට එම කාන්තාව  එකඟතාවය පළ තිබෙනවා.

එම අවස්ථාවේ  සිය කරාබු ජෝඩුව නීතිඥවරියන්ට ‍ ගලවා දෙනු අසළ සිටි පිරිසක් දැක එය කොළඹ මහේස්ත්‍රාත් වෙත දන්වා තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නීතිඥවරියන් දෙදෙනා කැඳවා තර‍යේ අවවාද කර පැමිණිලිකාර කාන්තාවගේ කරාබු දෙක ආපසු ලබාදී ඇයට නිවස බලා යාමට මුදල් නොමැති බව පැවසූ හෙයින් ඒ සඳහා රුපියල් දහසක මුදලක් ලබාදීමටද පියවර ගෙන ඇතැයි වාර්තාවෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!