Gossip

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ මසාජ්!

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සම්භාහන අවශ්‍යතා නොමිලේ සපුරාදීමටද මේවනවිට කටයුතු යොදා ඇතැයි දැනගන්නට ලැබේ.

මේ අනුව පාද සම්භාහනය, ශීර්ෂ සම්භාහනය, පූර්ණ සිරුර සම්භාහනය, අධික තරබාරුවට ප්‍රතිකාර සහ රූපලාවන්‍ය වැනි කටයුතු නොමිලේ ලබා ගැනීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උදා වී ඇති බව වාර්තා වේ.

රජයේ නිවාඩු දින හැරුණු කොට අනෙකුත් සියලූම දිනයන් හීදි පෙරවරු 8.00 ත් පස්වරු 4.00 ත් අතර පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මෙම සේවාව ලබා ගත හැකි බව වාර්තාවේ.

ආයූර්වේද දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන “හෙළ වෙද පුනරුද” නම් ආයූර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය හරහා සැලසෙන සේවාවක් ලෙස මෙම සේවාවන් ලබා දෙන බව පැවසේ.
images

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!