Gossip

පී.එස්.ඩී. හතරකට මරුකැඳවූ අනතුරේ CCTV දර්ශන

222222222222222

 

මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් හා ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරට පත් බස් රථ දෙකම පුද්ගලික බස් රථ වන අතර ඉන් එකක් කොළඹ සිට මිනුවන්ගොඩ දක්වා ධාවනය වී ඇති අතර අනෙක් බස් රථය මිනුවන්ගොඩ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

යාගොඩමුල්ල ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථය බස් රථයට ඉස්සර කරන්නට යාමේදී අනෙක් බස් රථය ඉදිරියෙන් පැමිණ ඇති බවත්, අනතුරුව බස් රථ දෙකට මැදිව ඩිෆෙන්ඩර් රථය ගැටී ඇති බවත් සඳහන්ය.

කෙසේ වෙතත් මෙම අනතුරෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ අනෙක් දෙදෙනා පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරෙන් තුවාල ලැබූ පස් දෙනෙකු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජීවිතක්ෂයට පත්වූ සිව්දෙනාම ජනාධිපති ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිටියවූවන් වන අතර ඔවුන් අවමංගල්‍යය උත්සවයක් සඳහා සහභාගිවෙමින් සිට ඇති බව සඳහන් වේ.

ජනාධිපති ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිටි ගලෙන්බිඳුණුවැව පදිංචි උ.පොලිස් පරීක්ෂක ෂෙල්ටන් සිල්වා(50), මහනුවර පදිංචිව සිටි පො.කො ප්‍රේමදාස (21) සහ මාහෝ හි පදිංචිව සිටින කාන්තා පො.කො ඉසුරු ඉඳුනිල් (21),රියදුරු පුෂ්පකුමාර (31) යන අය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ඩි‍ෆෙන්ඩර් රථයේ 10 දෙනෙකු ගමන් කර ඇති අතර ඉතිරි 6 දෙනාම මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!