Gossip

දුම්රිය සේවයේ පරණ දුම්රිය මැදිරි සහ අබිලි දුව්‍ය ඉවත් කරයි

rail

 

මාළිගාවත්ත සහ දෙමටගොඩ දුම්රිය අංගනයන් තුළ දිරාපත්ව ඇති දුම්රිය මැදිරි සහ අබිලි යකඩ ද්‍රව්‍ය වහාම එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දුම්රිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මාළිගාවත්ත දුම්රියපළ අංගනයේ අද සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව ප්‍රවාහන අමාත්‍යවරයා අදාළ උපදෙස් ලබාදුන් බව එම  අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මෙම අබිලි යකඩ අලෙවි කරන ලෙස උපදෙස් දී ඇති අමාත්‍යවරයා, ඉන් දෙපාර්තමේන්තුවට ඉහළ ආදායමක් උපයා ගත හැකි බව ද පෙන්වා දී තිබේ.

එම අබිලි ද්‍රව්‍ය විකිණීමෙන් ලබා ගන්නා ආදායම දුම්රිය සේවකයින්ගේ විවේකාගාර අලූත්වැඩියාවට සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු සඳහා යෙදවීමට හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!