Gossip

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස “ලයනල් සඳුන්” පත් කරනු – බැනුම් අහන ක්‍රිකට් කෝච්

අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අත්වුණු දැවැන්ත පරාජයත් එක්ක සමාජජාලවල විවිධ Post හුවමාරු වුණා.
ඒ අතර හරි අපූරු අදහස් ටිකකුත් තිබුණා.
ඒ තමයි මේ ක්‍රිකට් කණ්ඩායම ගොඩගන්න නව පුහුණුකරු විදිහට ලයනන් සඳුන්ව පත්කරන්න කියලා.
මේ නම ඇහුණු ගමන් ඔබේ මතකට නැගෙන්නේ දෙවැනි ඉනිම.
ඔව් දෙවැනි ඉනිමේ ක්‍රිකට් කෝච්ගේ චරිතයෙන් ඔබ අතරට එන ඒ අපූරු පුද්ගලයා වන රයන් වැන්රෝයන් සමඟ කළ සාකච්ඡාවක් සතිඅන්ත පුවත්පතක මෙලෙසට සටහන්වී තිබුණා.

ලයනල් සඳුන් මේ දවස්වල හොඳට බැනුම් අහනවා නේද..?
අපොයි ඔව්… සෑහෙන්න බනිනවා. නමුත් ඉතිං ගොඩක් දෙනෙක්ගෙන් චෝදනා එන්නේ ඒ චරිතයට හොඳ කරන නිසා වෙන්න ඇති.
ඒ නිසා තමයි අද අස්සක් මුල්ලක් නෑරම කට්ටිය කතා කරන්නේ සහ විවේචන කරන්නේ.
ඒ බනින හැමදෙනාම බනින්නේ ආදරේට. වෛරයකින් නෙවෙයි.
මොකද මම යන හැම තැනම සෑහෙන හොඳ ප්‍රතිචාර තියෙනවා.
ඒ බනින කෙනාම ළඟට ඇවිත් බදාගෙන කියනවා ඒ චරිතෙ ඔයා හොඳට රඟපානවා කියලා.
වෙලාවකටනම් අපිට හරි කේන්තියි කියලත් කියනවා. එහෙම ප්‍රතිචාර ලැබෙද්දි හරි සතුටුයි.

මුහුණු පොත හරහා නම් ලයනල් සඳුන්ව ගොඩක් ජනප්‍රියයි නේද..?
ඔව්.. ඇත්තටම මේ දවස්වල අපේ ක්‍රිකට් ටීම් එකත් කතාබහට ලක්වෙලා ඉන්න කාලෙනේ.
ක්‍රිකට් වලින් අපේ කණ්ඩායම පරදින නිසා පෝස්ට් හදලා දාලා තියෙනවා ” ලයනල් සඳුන්ව ක්‍රිකට් බෝඩ් එකට ගන්න’ ඔහුගෙන් උපදෙස් ගන්න වගේ දේවල්.
සමහර ඒවා දකිනකොට හිනාත් යනවා.

ඒ චරිතයට ගැන කතා කළොත්..?
ලයනල් සඳුන් ඉන්නේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ. ඔහු ක්‍රිකට් කෝච් කෙනෙක්.
දේශපාලන උදව්වකින් තමයි සඳුන් කෝච් කෙනෙක් වෙන්නේ.
ඒ ටෙලියේ විදිහට ඔහුට ක්‍රිකට් ගැන කිසි දැනුමක් නෑ.
ඔහු ප්‍රධාන වශයෙන්ම කෝච් කෙනෙක් විදිහට එන්නේ අනුහස් කියන ළමයට ක්‍රිකට් ගහන්න නොදී වෙන අයට අවස්ථාව දෙන්න.
සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නෑ.
ඉතිං අද තියෙන ක්‍රිකට් අර්බුදයත් එක්ක මට මේ චරිතේ තවත් වර්ධනය කරගන්න පුළුවන්වෙලා තියෙනවා.

ඒ චරිතේ රූගත කිරීම් කරද්දි අනුහස්ට ඒ විදිහට සලකද්දි දුක නැද්ද.?
නෑ.. අනුහස් මගේ සුන්දර යාළුවා.
මම ඒ කතාවෙදි එයාට ගහනවා බනිනවා. ඒවා තව ඉදිරියට යන්න තියෙනවා.
ඒවත් එක්ක මිනිස්සුන්ට මාව එපාවෙන තැනකට ලක්වෙන තැන් තියෙයි.
ඒ හැමදේම අපි දෙන්නා කතාවෙලා කරන්නේ.
මම අනුහස්ට වේවැලෙන් ගහන එක වුණත් බොරුවට ගහන්නේ නෑ.
ඉතිං ඒ සීන් එකෙන් පස්සේ අපි බදාගෙන රිදුනනම් සොරි කියනවා. එහෙම තමයි ඉන්නේ.

රයන්ට මොකද හිතෙන්නේ ඒ චරිතයට ගැන..?
ඇත්තටම ඒ වගේ චරිත අද සමාජයේ අපට හමුවෙනවා.
සමාජයේ සැරිසරනවා.
ලයනල් සදුන් කියන්නේ ජීවිතේට අරමුණක් බලාපොරොත්තුවක් නැති ජීවිතේ සැහැල්ලුවෙන් හිතන මනුස්සයෙක්.
උගත්කමක් නෑ. ඇත්තටම මම ක්‍රිකට්වලට ගොඩක් ආදරෙයි. ලයනල් සඳුන්ගේ චරිතයෙන් මට පුළුවන්නම් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සමාජයට රටට ලෝකයට පණිවුඩයක් ලබාදෙන්න මම ගොඩක් ආසාවෙන් ඒක කරනවා.

මුහුණුපොතේ හුවමාරු වු Post කිහිපයක් පහතින්…

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!