Gossip

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නැවතත් ගෙදර යයි

ඔස්ට්‍රේලියාව සමග පැවැති එක්දින තරගයෙන් පසුව සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග නැවතත් ශ‍්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඊට හේතුව වන්නේ ඔහුගේ නැන්දණියගේ හත් දවසේ දානමය පිංකමට සහභාගි වීමට බවයි ඔහු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දන්වා තිබෙන්නේ.
මීට පෙර නැන්දණියගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වීමට දිවයිනට පැමිණි ලසිත් මාලිංග යළිත් කණ්ඩායමට එක් වූයේ ඔස්ට්‍රේලියාව සමග තරගයට පෙර දිනයේදීය.
දානමය පිංකමට සහභාගි වීමෙන් පසුව යළිත් මාලිංග ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතව ඇත්තේ ලබන 19 වැනිදාය.
එංගලන්තය සමග පැවැත්වෙන තරගයට දින දෙකකට පෙර ඔහු කණ්ඩායම සමග එක්වනු ඇතැයි කළමනාකාරිත්වය පවසනවා.
අවමංගල්‍යකට සහභාගිවීම හදිසි අවස්ථාවක් වුවද ලෝක කුසලාන තරගාවලියකදී හත්දවසේ දානමය පිංකමට සහභාගිවීම සම්බන්ධයෙන් ඔහු යළිත් කරන ලද ඉල්ලීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අවසරය ලබාදී තිබේ.
ඒ අනුව මාලිංගට පුහුණු සැසි කිහිපයක් මගහැරී යනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!