Gossip

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කරන්න හොරොව්පතාන OICට අල්ලස් දෙන්න හදපු පුද්ගලයාට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න

අත්අඩංගුවට ගෙන සිටින ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ පණස් දහසක අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.‍
මෙම පුද්ගලයාව මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ සැකකරු ඇප මත මුදාහැරීමට නියම කර තිබෙනවා.
රුපියල් 15000/- ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ හතර බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙම සැකකරු මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියම කර තිබෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!