Gossip

ලක්ෂ 7ක ලැප්ටොප් පරිගණකයක් සොරාගෙන රුපියල් තුන්දහසකට උකස් කරලා..

මැලේසියාවෙන් ආනයනය කළ රුපියල් ලක්ෂ 7කට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් සොරාගෙන රුපියල් තුන්දහසකට උකස් කර මත්කුඩු භාවිත කළ සැකකරුවකු 07 වැනිදා අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.

සැකකරු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධීන් 8කට වරදකරු වීම නිසා මොහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බවට නම් කළ අයකු බවද පොලිසිය කියයි.

මාර්ගයක නවතා තිබූ මෝටර් රථයකින් රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව හිඳ මසකට පෙර ඇප මත පැමිණි අයකු බව හෙළිවිණැයි ද පොලිසිය පවසයි. සැකකරු සොරාගත් ලැප්ටොප්   පරිගණකය බොරැල්ල ප‍්‍රදේශයේ අලෙවි සලකට උකස් කර තිබියදී සොයාගෙන ඇත. කිරුළපන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!