Gossip

”අම්මාගෙ සුව වීම ගැන හිතේ සාංකාවක් කුකුසක් තිබුණෙ නෑ… දුවෙක් විදියට මම පුදුම පීඩනයකින් හිටියේ” – තිසුරි යුවනිකා

ජීවිතය අපිට ඕන විදියට අපි කැමති විදියට ගෙවන්නෙ නෑ. එහෙම නේද තිසුරි?

මම නම් ඒ බව තේරුම් අරගෙන ජීවත් වෙන්නේ. පහුගිය කාලෙ තවදුරටත් මම ඒක තේරුම් ගත්තා.

කොරෝනා වසංගතයත් එක්ක තිසුරිගෙ හිත ගිනි ගත්තා?

ඇත්තටම සුරාජ් ගැන හිතේ බයෙන් ඉන්නේ. මොකද තවමත් එයාට ලංකාවට එන්න බැරි වුණා. නොදන්නා රෝගයක් ලෝකය පුරා පැතිරෙද්දී ඇත්තටම මම ඔහු ගැන හිටියේ බයෙන්. මොකද කතා කරනවා විතරයි, ඇහැට දකින්නවත් නැහැනේ.

ඒ අතරෙ අම්මාගේ අසනීප තත්ත්වයත් තිසුරිගේ හිතට බරක් වෙන්න ඇති?

ඇත්ත. අම්මා සනීප කර ගන්නවා කියන අධිෂ්ඨානය තාත්තගෙත්, මගෙත් හිතේ තිබුණා. සුරාජ් ලංකාවෙ නොහිටියත් ඔහු මට හිතේ හයිය දුන්නා. මගේ අම්මා මනසින් වැටුණෙ නෑ. ඇගේ හිතේ ශක්තිය තමයි තාත්තයි, මාවයි ශක්තිමත් කළේ. ඒ මගේ අම්මා. අම්ම තමයි මගේ ශක්තිය. දුවෙක් විදියට මම පුදුම පීඩනයකින් හිටියේ. අම්මාගෙ සුව වීම ගැන හිතේ සාංකාවක් කුකුසක් තිබුණෙ නෑ. ඒත් රටේ තත්ත්වයත් එක්ක මේ තත්ත්වයට මුහුණ දුන්නෙ හරි අසීරුවෙන්. ඇඳිරි නීතිය කාලෙත් අපි අම්මව ප්‍රතිකාර සඳහා එක්කගෙන ගියා. මේ හැමදේටම නෑහිතමිතුරන් අපිට ලොකු ශක්තියක් වුණා.

සුරාජ්ගේ දෙමව්පියන් තිසුරි තනි නොකරන්න ඇති?

අනේ ඔව්. අම්මලා ඇවිත් කතා කරන එකත් අපිට සැනසීමක් වුණා. ඒක අපි තුන්දෙනාගෙම මනසට සැහැල්ලුවක්. අපිට අසීරු කාලේ සුරාජ් නැති අඩුව එයාගේ දෙමව්පියෝ අපිට දැනෙන්න දුන්නෙ නෑ.

දුකකදි කරදරයකදී දුක බෙදා ගන්න සහෝදරයෙක් සහෝදරියක් නැති අඩුව දැනෙන්න ඇති?

හොඳ නෑදෑ පරපුරක් සහ ඉතාම හිතවත් හිතමිතුරන් ගොඩක් ඉන්න නිසා මට සහෝදර සහෝදරියො නැති අඩුව මේ වෙලාවෙදි දැනුණෙ නෑ. ඒ අය ඒක මට දැනෙන්න දුන්නෙත් නෑ. නෑදෑයෝ, යාළුවෝ එයාලට පුළුවන් උපරිමයෙන් කරන්න පුළුවන් හැමදේම කළා. ඇත්තටම මේ හැම දේටම තාත්තටයි, මටයි ශක්තියක් වුණේ ඒ අය.

ඒ කියන්නෙ දුකේදි අත නොහැර යන මිතුරන් ගැන අවබෝධයක් ලබා ගන්න මේක හොඳ අවස්ථාවක්?

ඔව්. ඇත්තටම අපි ආශ්‍රය කළ අය අපිව අතහැරියෙ නෑ. විශේෂයෙන් අම්මාගෙ මගේ රසික රසිකාවියෝ. එයාලගේ ආදරයේ තරම තේරුම් ගන්න අපිට මේක හොඳ අවස්ථාවක් වුණා. හොඳ වෛද්‍යවරු පිරිසක් අම්මට ප්‍රතිකාර සඳහා සහය වුණා. ඇත්තටම ඒ අය මිහිපිට ඉන්න දෙවිවරු වගේ. ඒ නිසා අම්මාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට, උදව් උපකාර කළ හැමදෙනාටම වගේම අවංක ආදරයෙන් අම්මාව ශක්තිමත් කළ හැමෝටම මම අම්මා වෙනුවෙන් මේ වෙලාවෙ ස්තුති කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!