Gossip

මී එළදෙනක් ‘රෝල් කරලා’ ගැට ගසා තී‍්‍රරෝදයක දමාගෙන ගිහින්…

දැවැන්ත මී එළදෙනක හා වයස මාස අටක පමණ මී ගව පැටියකු කට සහ පාද බැඳ බෝලයක් මෙන් රවුම් කර අමානුෂික ලෙස වධ බන්ධනයට ලක් වන සේ ත‍්‍රීරෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී බෙලිඅත්ත සිටිනාමළුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට බෙලිඅත්ත පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු කණ්ඩායමක් සමත් වූහ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල නලගම ප‍්‍රදේශයේ පදිංචි තිදෙනකු හා ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් අයෙකි. අත්අඩංගුවට පත්වූ පිරිස මීට පෙරද මෙවැනි නීති විරෝධී ගව ප‍්‍රවාහනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව අධිකරණයේ නඩු පවතින පිරිසක් වෙති සැකකරුවෝ තංගල්ල මහෙස්ත‍්‍රාත් හා දිසා විනිසුරු මිලන්ත වරුෂවිතාන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!