Gossip

Sex හිර කරලා තියාගන්න හැදුවට ආදරය ඇතුලේ Sex තියෙනවා – ලක්ෂිකා ජයවර්ධන

ලක්ෂිකා ජයවර්ධන ගැන පසුගිය දවස් ටිකේම විවිධ පුවත් අපි ඔබට ගෙන ආවා.
ඒ එක්වරම ඇයට ඇතිවුණු අසනීප තත්ත්වයක් නිසා.
කොහොම වුණත් දැන් සුවය ලබාසිටින ඇය ඇගේ ආදරය ගැන සති අන්ත පුවත්පතකට මෙලෙස පවසා තිබුණා.

ආදරයට නිර්වචනයක් දෙන්න..
සතුට, දුක සෙනෙහස කියන සියල්ලම ගැබ්වෙලා තියෙන මානුෂික හැඟීමක් තමයි මම දකින විදිහට අපි ආදරය කියලා තනි වචනයකින් හදුන්වන්නේ.

ආදරය හිතට දැනෙනකොට වයස කීයද..?
විශේෂ කෙනෙක් පිළිබඳව හිතේ ආදරයක් ඇතිවෙන්නේ අවුරුදු 20 දි.

පාසල් ප්‍රේමය මතකද..?
ඇත්තටම මගේ පවුල් පසුබිමත් එක්ක මට පාසල් ප්‍රේමයක් තිබිලා නෑ.
මගේ වැඩිමල් සහෝදරියන්ගෙන් ලැබුණු රැකවරණයෙන් ඒ වගේම ඒ කාලේ ආදර සම්බන්ධයක අවශ්‍යතාවය නොතිබීමත් මත ඉගෙනීමට විතරයි මං යොමුවුණේ.

ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි බව ඇත්තද..?
එතැනදි මං 50% ක් එකඟයි වගේම 50% ක් එකඟ නෑ.
අමිහිරි මතකයන් එක්ක අවසන් වෙන ප්‍රථම ප්‍රේමයත් අමතක කරන්න ඕනේ කෙනෙක් කැමතියිනේ.

පෙම්වතාගෙන් මුලින්ම ලැබුණු තෑග්ග මොකක්ද..?
රතු රෝස මලක්.

ආදරය ඇතුලේ රාගයට ඔබ වෙන් කරන ප්‍රතිශතය කොපමණද..?
ලංකාවේ සංස්කෘතිය තුල රාගය එහෙම නැත්නම් sex හිර කරලා තියාගන්න හැදුවට ආදරය ඇතුලේ Sex තියෙනවා. නමුත් Sex නිසා ආදරයක් ඇතිවීම තුල ප්‍රශ්නයක් තියෙනවා.

ඔහු ඔබට ආදරයට කියන නම මොකක්ද…?
එයා මට බබා කියන්නේ..

ආදරේට ඔබ ඔහුට කියන නම මොකක්ද…?
මමත් එයාට බබා කියන්නේ..

විරහව කී වතාවක් විඳලා තියෙනවද..?
හරියටම දෙවතාවක් මං විරහව විඳලා තියෙනවා.

ප්‍රේමය විවාහයෙන් කෙලවර වෙනවද..?
මගේ කරගන්න හිතාන ආදරේ කළාට යම් යම් නොගැලපීම් මත වෙන් වෙන්න වුණොත් ඒ ප්‍රේමයම විවාහය දක්වා යන්න බැහැනේ.
එතැනදි ප්‍රේමය විවාහයෙන් කෙලවර වෙන්නේ නෑ. නමුත් හදවතේ ඇතිවුණු හැඟීම පවතින්නට හෝ නොපවතින්නට පුළුවන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!