Gossip

කුසල්, තමන්ට වඩා වැඩිමල් නිරූපණ ශිල්පිණියකට ආදරය කරනවාද? ඇත්ත මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂතම ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නේ.

තවමත් 22 හැවිරිදි වියේ පසුවන කුසල් ගැන මේ දිනවල සමාජජාල මාධ්‍යන්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ඒ තමයි කුසල් මෙන්ඩිස් ආදරයක පැටලිලා කියන කතාව.

කුසල් මේ විදිහට ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තියෙන්නෙ ප්‍රමෝදි කෞෂල්‍යා කියන නිරූපණ ශිල්පිනියත් එක්ක කියලා තමයි සමාජජාල මාධ්‍යයන්වල දක්වලා තියෙන්නේ.

මේ දිනවල පැවැත්වෙන ඉන්දියා – ශ්‍රි ලංකා තරග සංචාරය නිසා කුසල්ට කතා කරන්න බැරිවුණත් මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න කුසල්ගේ පෙම්වතිය බව කියන ප්‍රමොදී කිව්වේ මෙහෙම කතාවක්.

“කුසල් මගේ හොද යාළුවෙක් විතරයි. අපි අතර ඔය කියන විදිහේ කිසිම සම්බන්ධයක් නැහැ. මම කුසල්ව දන්නේ මිට අවුරුදු දෙක තුනකට කලින්. ඒ මගේ යාලුවෙක් මාර්ගයෙන්. අපි කතා බහ කරනවා. ඒක ඇත්ත නමුත් මගෙයි එයාගෙයි ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියන එකත් අපි විවාහ ගිවිසගෙන කියනකතාවත් බොරුවක්. කවුරු හරි අපිට මඩ ගහනවා. අනික මට වඩා කුසල් බාලයි. මල්ලි කෙනෙක් වෙන්නේ. මේ සිද්ධියෙන් පස්සෙත් එයා මාත් එක්ක කතා කළා. දිගටම මේ කතාව සමාජ ජාල වෙබ් අඩවි වල ගියොත් මම අපි නීතිමය පියවර ගන්න හිතාගෙන ඉන්නේ”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!