Gossip

මගුල් මුද්ද දාන්න ගිහින් දැකපු දෙයක් නිසා මනාලිය කාමරයකට ගොස් දොර වසා ගනියි

මංගල දිනයේදී මුද්ද දැමීමට අතේ ඇඟිල්ලක් නොමැති වීමෙන් මනාලයෙකුට තම සහකාරිය අහිමි වීමේ සිද්ධියක් මහියංගණය ප්‍රදේශයෙන් අහන්න ලැබුණා.

හඟුරන්කෙත පදිංචි මෙම මනාලයා රැකියාව විදියට කරලා තියෙන්නේ ගොවිතැන.

දෙමව්පියන් විසින් මොහුට ගැලපෙන සහකාරියක් හොයන්න කපුමහතෙකුට භාර දී ඇති අතර මහියංගනය පැත්තේ පදිංචි තරුණියක්ව මෙම තරුණයාට යෝජණා කර තියෙනවා.

මංගල දිනයක් යොදා ගනිමින් සුභ මොහොතින් එදින මුදු මාරු කරගැනීමට සැරසීමේදී තමයි මනාලයාගේ අතේ ඇඟිලි දෙකක් නැහැ කියලා දැකලා තියෙන්නේ.

මෙයින් ඇය දැඩි ලැජ්ජාවට පත්වෙලා ඇය අතේ තිබ්බ මුද්ද විසි කර කාමරයකට ගොස් දොර වසාගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඇගේ මව්පියන්, ඥාතීන් දොර විවෘත කර මංගල්‍යයේ ඉතිරි කටයුතු කරන ලෙස ප්‍රකාශ කෙරුවත් ඇඟිලි නැති කෙනෙකුට කැමති නැති බවට ඇය කියලා තියෙනවා.

ඒවගේම මනාලයාට පිටව යන ලෙසත් මෙය තමන්ට කරන අපහාසයක් බවටත් ඇය කියලා තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!