Gossip

ඉන්දියාවට රිදෙන්න ගහලා ලබපු ජය ගැන කුසල් සහ චන්දි හඬ අවදි කරයි

නැවතත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු වැඩිකරමින් සිය සුපුරුදු දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පැවැත්වුණු පළමු තරගයෙන් සුපිරි ජයක් ලබාගත්තා.
මෙම තරගයේදී සුපිරි පිතිහරඹයක නියැලුණු කුසල් ජනිත් පෙරේරා පැවසුවේ 20 යි 20 තරගවලදී තමන් ක්‍රීඩා කළ හොඳම ඉනිම මෙය බවයි.
ඔහු ලකුණු 66 ක් රැස් කළේ පන්දු 37 කින්.
ඒ ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් දෙවැනි විස්සයි විස්ස අර්ධ ශතකයයි.
පළමු ස්ථානයේ රැදී සිටින්නේ පන්දු 21 කින් ලකුණු 50 ක් ලබාගත් කුමාර් සංගක්කාරයි.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ කුසල් පෙරේරා පැවසුවේ තම හැකියාවන් පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවන බවයි.
තවද සියයට සියයක ශාරීරික යෝග්‍යතාවකින් තමන් පසුවන බවද ඔහු සඳහන් කළා.
දිනේෂ් චන්දිමාල්ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ කණ්ඩායමේ දක්ෂතා ගැන සතුටට පත්වන බවයි.
තවද පාලක මණ්ඩලය සහ නව පුහුණුකරු චන්දික හතුරුසිංහද එහිදී චන්දිමාල් විසින් ඇගයීමට ලක්කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!