Gossip

යාපනයෙන් බිළිඳු මළ සිරුරක් හමුවෙයි

යාපනය,චාවකච්චේරි පැරණි මාළු වෙළඳ සංකීර්ණයේ පැරණි වැසිකිළියක ති​බී බිළිදු මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා

යාපනය,චාවකච්චේරි පොලිසිය පැවසුවේ නගර සභා කසල එක් රැස් කරන පුද්ගලයින් වැසිකිළිය තුළින් හැමු දැඩි දුර්ගන්ධයක් සම්බන්ධයෙන් විමසා බැලීමේදී වැසිකිළිය තුළ තිබි කළලය දැක පොලිසිය දැනුවත් කළ බවයි.

කිසියම් පුද්ගලයෙකු හෝ කාන්තාවක් අදාළ මළ සිරුර වැසිකිළිය වෙත ගෙනැවිත් දමා යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

අදාළ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් චාවකච්චේරි රෝහල වෙත යොමු කළ බවද පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!