Gossip

කිලිනොච්චිය උණුසුම් වෙයි, මුහුණට මිරිස් කුඩු ගසා පහරදී පුද්ගලයෙකු මරා දමයි – Photos

කිලිනොච්චිය,කනකපුරම්,සෙල්වානගර් ප්‍රදේශයේදී ඇමරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට පහරදිමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු ඊයේ(07) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
කිලිනොච්චිය පොලිසිය පැවසූවේ රත්නම් දුරේයිසිංහම් නමැති 71 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
අදාළ පුද්ගලයා මෙරට පවතින මුල් පදිංචි ඉඩම් පරීක්ෂා කිරීමට ඇමරිකාවේ සිට පසුගියදා පැමිණ ඇති තිබෙනවා.
එහිදි පසුගිය 06 වැනිදා රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් අදාළ පුද්ගලයා නැවති සිටි ස්ථානයේදී මියගිය පුද්ගලයාගේ මුහුණට මිරිස් කුඩු ගසා පහරදීම සිදුකොට ඇති බවද පොලිසිය පැවසීය.
තුවාල ලැබු පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ(07) ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සදහන් කළා.
පොලිසිය පැවසූවේ මියගිය පුද්ගලයාගේ දරුවන් කැනඩාවේ පදිංචිව සිටින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පහරදීම සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය පැවසූහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!