Gossip

“මේක ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක්. ඒ නිසා හැම කණ්ඩායමකටම එක වගේ සමානාත්මතාව ලබා දෙන්න ඕනේ.” – ලෝක කුසලානය ගැන සංගා කනස්සල්ලෙන්

මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග සඳහා වෙනස් වෙනස් තණ තීරු ලබාදීම පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වමත් පිතිකරු කුමාර සංගක්කාරගේ විවේචනයට බඳුන්ව තිබේ.
එ් අනුව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ සඟරාවට අදහස් දක්වමින් මේ පිළිබඳ සිය අප‍්‍රසාදය පළකර ඇති සංගක්කාර 2019 ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා තරග වැඩි ප‍්‍රමාණයක් වර්ෂාව හේතුවෙන් නතර කර දැමීමට සිදුවීම පිළිිබඳව අදහස් දක්වා තිබෙනවා.
ලෝක කුසලානය වැනි ජාත්‍යන්තර තරගාවලියකදී එක් එක් කණ්ඩායම් සඳහා වෙන වෙනම කොළ පැහැති සහ දුඹුරු පැහැති තණතීරු ලබා දීම පිළිබඳ සංගක්කාර සිය දැඩි අප‍්‍රසාදය පළ කරමින් ‘මේක ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක්. එ් නිසා හැම කණ්ඩායමකටම එක වගේ සමානාත්මතාව ලබා දෙන්න ඕනේ. එහෙම බලද්දි සමහර කණ්ඩායම් සඳහා ලැබුණු තණතීරු පිළිබඳ සතුටු වෙන්න බැහැ’ යැයි ප‍්‍රකාශ කර තිබිණි.
මීට අමතරව එංගලන්තයේ කී‍්‍රඩාපිටිවල තණතීරු ආවරණය කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳවද ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ සඟරාවට අදහස් දක්වා ඇති සංගක්කාර ‘මෙවර ලෝක කුසාලාන තරගාවලියේදී වහිනකොට තණතීරු ආවරණය කිරීම පිළිබඳවද සෑහීමකට පත්වෙන්න බැහැ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තම ඕනෑම මට්ටමක ක්‍රිකට් තරගයක් පැවැත්වෙද්දී වුණත් මුළු ක්‍රීඩාපිටියම ආවරණය කරනවා. නමුත් අපි එවැනි දෙයක් එංගලන්ත ක්‍රීඩාපිටිවල දැක්කේ නැහැ. යනුවෙන් පවසා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!