Gossip

ලෝකය දිනා රටට ආඩම්බරයක් එක් කළ පේරාදෙණිය සරසවියේ චතුරංගි – Photos

පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම සිදුකළ හැකි පරිගණක මෘදුකාංගයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් නිර්මාණය කර තිබෙනවා.
චතුරංගී නමැති ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් විසිනුයි මෙම නිර්මාණය සිදුකර ඇත්තේ.
ලෝකයේ රටවල් ගණනාවක නව නිපැයුම්කරුවන්ගේ සහභාගිත්වයෙන් (COINS) ආයතනය වාර්ෂිකව පවත්වනු ලබන තරඟයෙන් එම ශිෂ්‍යාව ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙනවා.
අදාල නිර්මාණය මගින් පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි වනවා.
අන්තර් ජාලය ඔස්සේ අදාළ දත්ත ජංගම දුරකතනයට ලබා ගත හැකි බවද චතුරංගී සඳහන් කරනවා.
ඇමරිකාව,චීනය හා එංලන්තය සමඟ එංගලන්තයේදී පැවැති මෙම තරඟාවලියේ අවසන් වටය සඳහා නව නිපැයුම්කරුවන් 6 දෙනෙක් තේරී පත් වූ බවත්, ලොව පිළිගත් මහචාර්යවරුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් ඒ අතරින් හොඳම නිර්මාණය ලෙස තම නිර්මාණය තෝරා ගත් බවත් ඇය පවසනවා.
අධිවේගි මාර්ග ඇතුළු ප්‍රධාන මාර්ග ඉදි කිරීමේදී පස් සාම්පල පරීක්ෂාව සඳහා විද්‍යාගාර වලට ගෙන යා යුතු බවත් මේ සඳහා අධික වියදමක් මෙන්ම කාලයක්ද ගත වන බවත් කියා සිටි චතුරංගී නව නිර්මාණය ක්‍රියාවට නැංවීම මගින් මුදල් මෙන්ම කාලයද ඉතිරි කරගත හැකි බව ද ප්‍රකාශ කරනවා.
මෙම නිර්මාණය සිදුකර තිබෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තුමේන්තුවේ මහචාර්ය එස්.බී.එස් අබේකෝන් මහතාගේ අධීක්ෂණය යටතේයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!