Gossip

කුසගින්නෙන් දරුවෙකු මියගිය රටක, පාර්ලිමේන්තුවේ දිනකට 200කට වැඩි පිරිසක් පෝෂණය කළ හැකි ආහාර කුණු කූඩයට – Photos

කුසට අහරක් නොමැති වීම නිසා මිය ගිය තිස්සමහාරාම විජයපුර ප්‍රදේශයේ පදිංචි මාස 11 ක් වයසැති බිළිඳෙකු ගැන පසුගියදා අහන්න ලැබුණා.
දරුවන් සව් දෙනෙකුගෙන් යුත් එම පවුලේ හතරවැනියා ලෙස උපත ලැබූ මලිත් වීරංග නමැති මෙම බිළිඳා මන්දපෝෂණය නිසා මිය ගොස් ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවුණේ.
මේ අවාසනාවන්ත ඉරණම ගැන දරුවාගේ මව කියා සිටියේ ‘‘රෑ එකකතුත් ගානකට තමයි දරුවට අමාරු වුණේ. නැතිවෙලා තමයි දරුවව අරන් ගියේ. ඩොක්ටලා කිවුවෙ දරුවට මන්ද පෝෂණේ කියලා.මහත්තයට ඒ දවස් වල මාළු බිස්නස් එක හින්දා ටිකක් අමාරුකම් තිබුණා. මුලදි දරුවගෙ බර හොඳ වුණා. පස්සෙ දරුවගෙ බරත් අඩුවුනා‘‘ යනුවෙන්.
අසරණ තත්ත්වයට පත්ව ඇති මෙම පවුලට සමෘද්ධි සහනාධාරය හෝ රජයේ වෙනත් කිසිඳු සහනාධාරයක් ලැබී නොමැති බවයි දරුවන්ගේ මව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ.
‘‘සමෘද්ධියනම් තිබුණේ නැහැ අපිට. ග්‍රාමසේවක සර් කිව්වා කොහොම හරි සමෘද්ධිය හදලා දෙනවයි කියලා”
මේ සිද්ධිය වගේම තවත් අසරණ පවුලක මවක් කැඳ වේලකින් තම ජීවිතය ගැටගහගන්න පුවතක්ද පසුගියදා වාර්තා වුණා.
රටේ ජනතාව නොකා නොබී ජීවත් වන්නට සිදුවන තරම් ආර්ථිකය විනාශ වෙලා යද්දි රටේ ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න අප විසින් පාර්ලිමේන්තුවට යැවූ පාලකයින් දිනකට සිය ගණනක් පෝෂණය කරන්න පුළුවන් ආහාර වේල් ප්‍රමාණයක් අපතේ දමන බව ඔබ දන්නවාද..?
එලෙස සිදුකරන්නේ ඔබගේත් මගේත් මුදලින්ම බවත් අප තදින් සිහියේ තබාගත යුතු කරුණකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!