Gossip

මාලිංගගේ ෆිට්නස් ගැන කීව ධවාන්ට, පරදිද්දි කෑ ගහන අපේ රසිකයින්ට මාලිංග රිදෙන්න උත්තරයක් දෙයි

පසුගියදා දඹුල්ල ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා ලෝලීන් පිරිසක් විසින් ශ්‍රී ලංකා පිලේ පරාජය හමුවේ උරණ වී ඔවුන්ට දෝෂාරෝපණ එල්ල කර බැනවැදුණු සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය නායක විරාත් කෝලි අදහස් දක්වා තිබෙනවා. එමෙන්ම ලසිත් මාලිංගගේ පන්දුයැවීමේ වේගය අඩුවී ඇති බවට ඉන්දීය ක්‍රීඩක ශිකර් ධවාන් විසින් පවසා තිබූ කාරණය ගැනද කෝලි මෙහිදී අදහස් දක්වා තිබුණු අතර ඔහු එහිදී ධවාන් දැක්වූ අදහසකට හාත්පසින්ම වෙනස් අදහසක් දක්වා තිබුණා.

ඔහු එහිදී පෙන්වා දී තිබුණේ මාලිංගගේ ශරීරය ගැන දන්නේ ඔහු මිසක් වෙනක් අයෙකු නොවන බවයි….

මේ ඔහු එහිදී දැක්වූ අදහස්වල සිංහල පරිවර්ථනයයි……

”මම කියන්නේ අපි හරියට ක්‍රිකට් ගහන්නේ නැතුව ක්‍රීඩා ලෝලීන්ට කියලා වැඩක් නෑ අපිත් එක්ක ඉන්න, ඉවසන්න, නරක විදියට අපිට ප්‍රතිචාර දක්වන්න එපා කියලා.

මම පෞද්ගලික ක්‍රිකට් මැච්බලන රසිකයෙක් නම් මම කැමති ටීම් එක මැච් පරදිද්දි දුකක් ඇති වෙනවා, නමුත් මං එහෙම වුණා කියලා ඒ ගොල්ලොන්ගේ රූකඩ හදලා, ඒවා පුච්චලා අපහස කරන්න යන්නේ නෑ, මොකද මනුස්සයෙක් විදයට මට තේරෙනවා අපි මැච් එකක සෙල්ලම් කරන්න යන්නේ දිනන්න බලාගෙන මිසක් පරාද වෙන්න බලාගෙන නෙවෙයි කියලා.

පරදිද්දි මිනිස්සුන්ට දුකක් අපහසුතාවක් දැනෙනවා වගේම රූකඩ පුච්චලා ක්‍රීඩකයින්ට බැනලා ඒ වේදනාව ඔවුන් අඩුකරගන්නවා, නමුත් ඒ දේවල් දකින ක්‍රීඩකයින්ට ඒක ලොකු වේදනාවක්, හැබැයි තව මනුස්සයෙකුට බෑ වෙන කෙනෙකුගේ සිතැගි වෙනස් කරන්න. ඒ නිසා ඔබට පුලුවන් ඔබේ සිතුම් පැතුම් වෙනස් කරගෙන හරියට වැඩ කරලා මැච් දිනවන තත්වයට සෙල්ලම් කරන්න.

ක්‍රීඩකයෙකුට වයස කියන දේ වැදගත් සාධයක්, නමුත් ඒ වයසේදි ඔහු තමන්ගේ ශරීර සුවතාවය වගේම දක්ෂතාවය වර්ධනය කරගන්නේ කොහොමද කියන එක අදාල ක්‍රීඩකයට අයිති වැඩක්. ඒ නිසා මට බෑ ලසිත් මාලිංගගේ ශරීරය ගැනවත් ඔහුගේ හැකියාව ගැනවත් අදහස් දක්වන්න. ඒක ගැන දන්නේ මාලිංග විතරයි.

කාලයක් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළම තැනකට අරන් එන විදියට සෙල්ලම් කලා. දක්ෂතාවන් උපරිම මට්ටමක තියාගත්තා. ඒ නිසා මේ දවස්වල ඔහු හොඳට සෙල්ලම් කරන්නෑ කියන එක කාටවත් කියන්න බෑ, මොකද මාලිංග ගැන අපි වගේම මුලු ලෝකෙම බලන්නේ එක පන්දුවාරයකින් යෝකර් වලින් මැච් එකක්ම වෙනස් කරන්න පුලුවන් කෙනෙක් විදියට. ඒ තැනට ඔහුට ආයෙත් යන්න පුලුවන්. මොකද මාලිංගගේ ඇඟ ගැන දන්නේ මාලිංග මිසක් විරාත් කෝලි නෙවෙයි.”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!