Gossip

මියුරු හඬින් ලොවක් මවිත කරන පුංචි ගායකයා පිටුපස සැඟවුණු අපූරු කතාව – වීඩියෝ

සිංදුවක් ඉතා අපූර්වත්වයෙන් ගායනා කරන්න නැත්නම් ඒ ගීතයේ මුල් කටහඬට නොදෙවැනිව ගායනා කිරීමේ දක්ෂතාවය හැමෝටම නෑ.
ඒත් අපි මේ කියන්න යන්නේ එහෙම දක්ෂතාවයක් තියෙන අවුරුදු 15ක දරුවෙක් ගැන.
ඒ තමයි Vaishnav Girish.
මොහු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ තමයි ඉපදිලා තියෙන්නේ.
ඉන්දියාවේ පැවැත්වෙන රියැලිටි තරඟයකට සහභාගී වී හින්දි ගීත ගායනා කරන අපූරුව සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙනවා ඔබත් සමහරවිට දැකලා ඇති.
කොහොමවුනත් Vaishnav ගොඩක්ම ඉන්දියාවේ ප්‍රසිද්ධ වුණේ පසුගිය 20 වනදා ශාරුක් ඛාන් මුම්බායි රූපවාහිනී නාලිකාවක රියැලිටි තරඟයක ප්‍රවර්ධන කටයුත්තකට සහභාගී වෙනකොට මේ දරුවා ශාරුක් ඛාන්ව ඔසවාගෙන තිබෙන සිද්ධියත් එක්කයි.
ඉතින් මේ සිද්ධියයි ඔහුගේ දක්ෂතාවයයි නිසා ඉන්දියාවේ මේ දරුවාව නොදන්න කෙනෙක් නෑ.
අනිත් කාරණය තමයි 2014 වර්ෂයේදී මලයාලම් තරඟයක් ජයග්‍රහණය කරන්නත් Vaishnav Girish ට පුළුවන් වෙලා තියෙනවා.
කොහොමවුනත් Vaishnav ගේ බලාපොරොත්තුව අනාගතයේදී ඒ.ආර්. රහුමාන්ගේ ඉදිරියේ ගීතයක් ගායනා කරන එක කියලා තමයි මාධ්‍යයට කියලා තියෙන්නේ.

මේ ඔහුගේ දක්ෂතා දැක්වෙන වීඩියෝ කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!