Gossip

සිය මරණය ගැන බිත්තියක ලියා දින 07කින් පසු ජීවිතයෙන් සමුගන්නට වුණු පුංචි කේෂරගේ කථාව (වීඩියෝ සහිතයි)

මම දිව්‍ය ලෝකෙ යනවා. මේ ආත්මයෙන් මම යන්න යනවා. මම තව ටික දිනයි ජීවත් වෙන්නේ. මේක ඇත්තටම අපායක්‌. ඒක නිසා අපි හොඳ වැඩ කරමු. හොඳ ළමයෙක්‌ වෙමු.

තම නිවසේ ඇඳ අසල බිත්තියේ පාට කුරුවලින් මෙලෙස ලියා තබා ඇත්තේ 03 වසර පංතියේ වයස අවුරුදු 08ක් වන කුඩා දරුවෙක්.

මේ දරුවා මෙය ලියා දින 07කට පමණ පසු සියලු දෙනා කම්පාවට පත් කරමින් හදිසි අනතුරකින් මියගියා.

අකුරැස්‌ස තිබ්බොටුවාව කනිෂ්ඨ විද්‍යාලය අසල අංක 26, සාගර නිවසේ පදිංචි තිබ්බොටුවාව කනිෂ්ඨ විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලැබූ පුංචි ටී. කේෂර වනමන්ත මිත්සුකු (8) පවුලේ සුරතල් දඟකාර දරුවා වනවා.

පුංචි කේෂරට සියලු දෙනාගේ ආදරයට, දයාවට, කරුණාව හිමිවුණා.

පසුගිය පළමු වැනිදා කුඩා කේෂර පාසලට ගොස්‌ එදා අපූරු හැසිරීම් රටාවක්‌ පෙන්නුම් කළද, එය කිසිවෙකුට අදහා ගත නොහැකි විය. එනම් අද මම මඟුල් ගෙදරක යනවා. මම ආයෙ එන්නේ නෑ. සියලුම ගුරුවරුන්ටත් කියා වැඳ ඔහුගේ යහළුවන්ටද කියා මම මඟුල් ගෙදර යනවා. මම ආයේ එන්නේ නෑ. කියා ඇති අතර, පාසල ඇරී පාසලේ ගේට්‌ටුව අසලට පැමිණ ආනේ තව යාළුවෝ දෙන්නෙකුට කියන්න බැරි වුණා. ඒ දෙන්නාටත් කියලා එන්න ඕන. නැවතත් පාසලට ගොස්‌ ඒ යහලුවන් දෙදෙනාටද මඟුල් ගෙදර යන බව පවසා තම නිවසට ආවේ තම ජීවිතයේ අවසන් දින කිහිපය පමණක්‌ ගත කරන බව ඔහුට හැඟී ගියා නිසාවෙන් බව බොහෝ දෙනා පවසති.

පළමු වන දින සවස පවුලේ මවත් පියාත් පුංචි කේෂර, ඔහුගේ සහෝදරයාත්, මාතර තිබූ මඟුල් ගෙදර ගියේ බොහෝම ප්‍රීතියෙනි. එසේ ගොස්‌ මඟුල් සතුට සමරා රාත්‍රි නැවත අකුරැස්‌සේ තම නිවසට එන අතරතුර, කිසිවෙකු නොසිතූ, නොපැතූ අයුරින් ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය අනතුරකට ලක්‌ විය. එහිදී ඔහුගේ පවුලේ සියලු දෙනා (මව, පියා, සහෝදරයා) බරපතල තුවාල ලබා ගාල්ල හා මාතර මහ රෝහලට ඇතුළත් කරන ලදී. පුංචි කේෂර දින කිහිපයක්‌ ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඉතා අවාසනාවන්ත ලෙස 5 වැනිදා ඔහු ජීවිතයෙන් සමුගත්තේය.

මේ වන විට අකුරැස්‌ස ප්‍රදේශයම බොහෝ සේ කම්පාවට පත් වී ඇති මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා කරනුයේ තමන්ගේ ජීවිතයෙන් සමුගන්නා බව කල්ඇතුව දැනගත් බව වැටහී ඔහුගේ නිවසේ බිත්තියේ ඒ බව ලියා කොළවලින් වසා තබා ඇති අතර, ඔහු මියගිය පසු එම බිත්තියේ තිබුණු කොළ කෑලි ඉවත් කිරීමෙන් ඔහු විසින් ලියන ලද මෙවන් වදන් දැකීමෙන් වඩ වඩාත් පවුලේ ඥතීන්ද පාසලේ ගුරුවරුන්ද ඔවුන්ගේ යහළු යෙහෙළියන්ද මහත් සේ කම්පාවට පත් වෙමින් හඬමින් පවසන වදන් ඇසීම දැකීම තරම් සිතට සංවේදී දසුන් දැකීමට මේ ලියුම්කරුටද සිදු වුණා.

ඔහු මෙලොවින් සමුගත්තේ ඔහු ගැන සදාකාලික මතකයක්‌ මෙලොව ජීවත් වන ඔහුගේ ඥතීන්ට, මවුපියන්ට, යහළු යෙහෙළියන්ට, ගුරුවරුන්ට ඉතුරු කරමිනි. කේෂර දරුවාගේ අවසන් කටයුතු පසුගිය 7වනදා පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!