Gossip

බගවන්තලාවට අයිස් වැස්සක් වහියි

බගවන්තලාව ප්‍රදේශයට අයිස් වැස්සක් පතිත වී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ පස්වරු 3.30 පමණ සිට විනාඩි 15 ක පමණ කාලයක් අයිස් කැට සහිත වර්ෂාව පැවති බවයි.

බගවන්තලාව / ටින්සිල් සහ කැම්පියන් යන ප්‍රදේශවලට මෙම අයිස් වැස්ස පතිත වී ඇතැයි සඳහන්ය. අයිස් පතිත වු වර්ෂාවත් සමඟ දැඩි වර්ෂාපතනයක් බගවන්තලාව ප්‍රදේශයට පවතින බව ද අප වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර අද රාත්‍රී කාලයේදී දකුණ, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ

1 2 3 4N

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!