Gossip

කැළණි ගං පතුලේ ඇති මැණික් ඔබ්බවූ බුදුපිළිමයේ අභිරහස!

cover

සමනළ අඩවියෙන් උපත ලබන කැළණි ගංගාව කොළඹ දක්වා ඉතා දිගු ගමනක් ගලා යන්නේ ඒ අවට ඇති සියලූ භූමි සශ‍්‍රික කරමින්. කුඩා දිය දහරාවකින් ආරම්භ වන කැළණි ගංගාව විටෙක ඉතා සන්සුන්වත් විටෙක ඉතා චණ්ඩවත් ගලාගෙන පැමිණ විශාල ජල ප‍්‍රමාණයක් මහා මුහුදට මුදාහරියි. කැළණි ගංගාව නිසා ජිවන ගමන ගෙනයන පිරිස අතිමහත්. ඒ වගේම බිළිගත් ජිවිත ගණනනද විශාලයි.

අනුර දේශප‍්‍රිය මහතාගේ ජිවිතයද කැළණි ගංගාව හා බැඳුනු ජිවිතයක්. ඒ ඔහු වෘත්තියෙන් වැලි ගොඩ දමන්නෙක් නිසායි. දේශප‍්‍රිය මහතා යටියන්තොට සිට කොළඹ දක්වා වසර 25ක් පුරාවට කැළණි ගං පතුලේ කිමිදෙන දක්ෂ කිමිදුම්කරුවෙක් ද වෙයි. ඔහු ජනාධිපති සම්මාන ලභියෙකුද වෙයි.

අනුර දේශප‍්‍රිය මහතාගේ වසර 25ක කිමිදුම් අත්දැකීම් සමග කැළණි ගං පතුලේ රහස් රැුසක්ම ගොඩ ගැනීමට සමත්ව තිබෙනවා. ඒ සොයාගත් ඇතැම් කරුණු කුතුහලය අවුස්සයි, විටෙක භිය ගෙනදෙයි.

ඔහු හංවැල්ලේ සිට කැලණිය දක්වා කැළණි ගං පතුලේ සැගව ඇති උමං මාර්ග පිළිබඳව සෙවීමට පටන් ගනු ලැබුවේ ඔහුගේ කිමිදුම් ජිවිතයේ මුල් කාල වකවානුවේ පටන්.

සීතාවක පළමුවැනි රාජසිංහ රජු පෘතුග‍්‍රීසීන් පළවා හරිම සඳහා මහත් වෙහෙසක් ගත් රජවරයෙක්. ඒ සඳහා විවධ උපක‍්‍රම භාවිතා කරනු ලැබුවා. එසේ භාවිතා කල එක උපක‍්‍රමයක් ලෙස කැළණි ගං පතුලේ නිර්මාණය කළ උමං මාර්ග සැලකීමට හැක. එකල නිර්මාණය වූ ඇතැම් උමං මාර්ග අද වනවිටත් එලෙසටම පවතිනවා.

අනුර දේශප‍්‍රිය මහතා සොයාගත් කරුණුවලට අනුව කැළණි ගංගාවේ විශාලතම උමග පිහිටා ඇත්තේ මල්වාන රාස්සපාන ප‍්‍රදේශයේයි. අනෙක් උමං මාර්ගවල දොරටුව අඩි 3ක් පමණ විශාල වුවත් රාස්සපාන උමගට ඇතුළු වීමට ඇති දොරටුව අඩි 6ක් පමණ විශාලය. ජලයේ ඉහල මට්ටමේ සිට අඩි 80ක් පමණ පහලින් ගං පතුලේ පිහිටි රාස්සපාන උමග මාපිටිගම ප‍්‍රදේශයේ පිහිටි ගල්ලගම දේවාලය තෙක් ඇති බව විශ්වාස කරයි.

හංවැල්ල මාලිගාවිල වක්කලමෙන් පටන් ගන්නා උමගත් , මාපිටිගම උමගත් රග්ගහවත්තේ උමගත් අනුර දේශප‍්‍රිය මහතාගේ නිරීක්ෂණයට ලක්වී ඇත.

කඩුවෙල දේවාලයේ දියකපන ස්ථානයෙන් ආරම්භවන උමං මාර්ග දෙකක් ඇත. ඒ දෙකම මාර්ග දෙකකින් ගමන් කරන්නේ කොරතොට දේවාලය දෙසටයි. රග්ගහවත්ත උමග මුල්ලේරියාව දෙසට තිබුණද මේ වනවිට එම උමග වැසි ගොස්ය. දේශප‍්‍රිය මහතාගේ නිරීක්ෂණයට අනුව කැළණි ගංගාවේ ගැඹුරුම වක්කලම පිහිටා ඇත්තේ කැළණි විහාරයට ආසන්නවයි.

එම වක්කලමෙන් පටන් ගන්නා උමං මාර්ගය විහාරය දෙසට පිහිටා ඇත. බෝගහ වක්කලම ලෙස හැඳින්වෙන මෙම ස්ථානයේ විහාරයට මායිම්වන්න පිහිටි සීමාව පෘතුග‍්‍රීසීන් කඩා දමන්නට ඇති සැකකරන විහාරයට අයත් කළු ගලින් නෙලූ විශාල ප‍්‍රමාණයේ ඇත් රූප දෙකක් දක්නට ලැබේ. එම ඇත් රූප ආසන්නයේ කිරිගරුඬ බුදුරුවක් දක්නට ඇති අතර එම බුද්ධ ප‍්‍රතිමාවේ දෙනෙත්වලට මැණික් ඔබා ඇති බව දේශප‍්‍රිය මහතා පවසනවා. එම මැණික් අධික වටිනාකමකින් යුක්ත ඒවා බව ඔහුගේ විශ්වාසයයි.

ඇඹුල්ගම සුදා නමැති කිමිදුම්කරුවෙකු ඔහුට මේ බව පළමුවෙන්ම තමාට කී බවත් එත් ඔහු එය විශ්වාස නොකළ බවත් පවසනවා. පසුව දෙදෙනාම අඩි 45ක් පමණ ගැඹුරු ස්ථානයේ කිමිදී ඒ බව සොයා බලා තිබෙනවා. එම අවස්ථාවේදී දේශප‍්‍රිය මහතා ඇත්රූප සහ බුදු පිළිමය දැක ඇති අතර ඇඹුල්ගම සුදා බුදු පිළිමය ස්පර්ශ කර ඇත. එදින පටන් රෝගීව උණරෝගය වැළදී මසකින් පමණ මියගොස් ඇත. එම බුදු පිළිමය දෙස එක එල්ලයේ බැලීමටවත් ස්පර්ශ කිරීමටවත් නොහැකි බව දේශප‍්‍රිය මහතා පවසයි. බුදුපිළිමය පිළිබඳව කැලණිය රජමහ විහාරයේ විහාරාධිපති හිමියන්වද දැනුවත් කල බව ඔහු සඳහන් කරයි.

1 2 3 4

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!