Gossip

අනෙකාගේ හුස්ම වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ රටක් වටින නිලමේ මල්ලී – Photos

ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක්.
මේ පුදුමාකාර ජීවිතේ ඇතුලේ අපිට සමහර වෙලාවට අහන්න දකින්න ලැබෙන දේවල් හරි පුදුමයි.
සමහරු ප්‍රශ්නවලින් පැනලා යන්න ජීවිත නැතිකරගන්නවා.
තවත් සමහරු අනිත් අයගේ ජීවිත රැකගන්න තමන්ගේ ජීවිතේ පරදුවට තියෙනවා.
අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැනයි.
ඒ තමයි 25 දෙනෙකුගේ ජීවිතේ බේරගන්න තමන්ගේ ජීවිතේ පරදුවට තිබ්බ රටක් වටින මිනිසෙක් ගැනයි.
නමින් ඔහු කීර්ති බණ්ඩාර.
නිලමේ මල්ලී නම් ආදරණීය නාමයෙන් හදුන්වන මොහු බස් රථ රියදුරෙක්.
පසුගියදා ඔහු 25 ක් දෙනෙකු රැගත් බස් රථයක් ධාවනය කරද්දි එක්වරම බස් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වෙලා.
හපුතලේ හරියෙදි ධාවනය වුණු මේ බස් රථය ඒ අවස්ථාවේ මීටර් කිහිපයක් ඉදිරියට ගියොත් ලොකු ප්‍රපාතයකට වැටෙන බව කීර්ති බණ්ඩාරට තේරිලා.
ඒ අවස්ථාවේ ඔහුට කරන්න තිබිලා තියෙන්නේ එකම දෙයයි.
ඒ තමන්ගේ රියදුරු අසුන තියෙන පැත්ත හිතලම ගල් ගොඩකට හප්පන්න.
පැයට කිලෝ මීටර් 60 කට වැඩි වේගයෙන් ආව බස් රක එක, එක හුස්මේම නතර වුුණා.
මිනිස්සු බස් එකෙන් බැහැලා ජීවිත බේරගත්තා.
ඒත් රියදුරු කීර්ති බණ්ඩාරගේ හුස්ම ආයෙමත් ආවේ නෑ.
ඇත්තටම අද සමාජය දිහා දැක්කම කීර්ති බණ්ඩාර කියන්නේ වීරයෙක්.
මේ වගේ මිනිස්සු අගය කරන්න ඕනේ නිසාමයි මේ කතාව ගැන වෙබ් ගොසිප් අපි වාර්තා කළේ.

ඡායාරූප පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!