Gossip

ඇත්තටම මේක මං බලාපොරොත්තු නොවිච්ච දෙයක්. මං හිතුවේ නෑ. තාම මට පුදුමයි මාව වෙව්ලනවත් එක්ක

සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් පසුගියදා පැවැත්වුණා.
මෙහිදී මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ කාවිංග පෙරේරා.
මේ සම්මානය අරගෙන කාවිංග හැමෝගෙම හදවතට දැනෙන අපූරු කතාවක් කළා.
එහිදී කාවිංග කිව්වේ
“මේ පාර ඇත්තටම මේක මං බලාපොරොත්තු නොවිච්ච දෙයක්. මං හිතුවේ නෑ. තාම මට පුදුමයි මාව වෙව්ලනවත් එක්ක. පුංචි දෙයක් කියන්නම්, මං හිතන්නෙ අද මම වේදිකාවට නැඟලා මේ විදියට සම්මාන ගන්නේ මට රංගනය පිළිබඳව අයන්න ආයන්න උගන්නපු ගුරුවරු දෙන්නෙක් හිටියා.
එකක් ගුරුවරක් අද ජීවතුන් අතර නෑ. ඒ H.A පෙරේරා මහත්මයා. එක ගුරුවරයෙක් ඉන්නවා ඒ මහේන්ද්‍ර පෙරේරා සර්.මං හිතන්නේ සර්ලා කියපු දේවල් අපි පිළිපැද්දා ඒ හින්ද අපිට මෙතැනට එන්නට ලැබුණා.
ඉතින් මං වෙනුවෙන් කෙටි පණිවිඩ, කුපන් එවපු හැම කෙනෙක්ටම මම තැන්ක්යූ කියලා කියනවා. දන්නෑ මට කියන්න තේරෙන්නේ නෑ හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි thank you very much.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!