Gossip

මම ඇඳලා තිබුණු ඒ ගවුම දණිස්සෙන් උඩට අදින්න බෑ. ඒ තරම් ටයිට්, මම අනාරක්ෂිත වෙලා නැහැ – ගයාත්‍රී ඩයස්

ගයාත්‍රී ඩයස් කියන්නේ අපේ රටේ කවුරුත් දන්න කවුරුත් ආදරය කරන ජනප්‍රිය නිළියක්.
ඇය ගැන පසුගිය දවස්වල අන්තර්ජාලය පුරාම විවිධ කතා හුවමාරු වුණා.
ඒ තමයි ඡයාරූප කිහිපයක් නිසා.
මේ කතාව මොකක්ද ? ඒ ඡායාරූප කාගෙද කියලා වගේම තවත් විස්තර ගොඩක් ගයාත්‍රී ඩයස් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

මොකද්ද මේ ඡයාරූප කතාව?
මට හිතවත් කිහිපදෙනෙක් මැසේජ් කරලා ෆොටෝ වගයක් එවල තිබුණා. එතකන් මම දැනගෙන හිටියේ නෑ.

ඇත්තටම මේ ඡයාරූප කාගේද ?
ගොඩක් දෙනා දාලා තිබ්බා මේ ඡයාරූපවල ඉන්නේ මම කියලා. ඒ පින්තූර බලපු. ඕන කෙනෙක්ට තේරෙනවා මම නෙමේ කියලා. මම බයවුණේ නෑ. මම ඒවගේ ඡයාරූප විහිළුවකටවත් ගන්න කෙනෙක් නෙමේ. ජීවිතේ කවදාවත් ඔය වගේ ඡයාරූප ෆෝන් එකකින් වත් මම අරන් නෑ.
කෙනෙක්ට ඒ වගේ ෆොටෝ එකක් ගන්න මම කවදාවත් අනාරක්ෂිත වෙලා නැහැ කවදාවත්ම. ගැහැනු දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට මම මගේ ගරුත්වය තියාගෙන ජීවත් වන කෙනෙක් මම. මිනිස්සුන්ට එකේ රසයක් ඇති.
ඒ හුවමාරු වන ෆොටෝවල පහළින් ඇත්ත ලින්ක් එකත් දාල තියෙනවා.
ලැට්වියානු කාන්තාවකගේ ඡයාරූප. ඒ වෙබ්සයිට් එක ආසියානු රටවලට පේන්නේ නැහැ. පස්සේ තමයි මේ හැමදේම අපි හොයාගත්තේ. මම ඇදලා තිබුණු ඒ ගවුම දණිස්සෙන් උඩට අදින්න බෑ ඒ තරම් ටයිට්. අඩු මානසික මිනිස්සු ටිකක් තමයි මේ ඡයරූප මගේ කියල යවන්නේ.
දැන් අවුරුද්දක් විතර ඉදල මගේ නම ගැවිලා විවිධ ගොසිප් පළවෙලා තියෙනවා. මේ හැම දෙයක් දිහාම මම බොහොම උපේක්ෂාවෙන් බලන කෙනෙක්. මේ දේවල් කරලා මාව කවදාවත් වට්ටන්න බැහැ.

දුකක් නැද්ද මේ වගේ දේවල් වෙද්දී?
දුක ඒ වගේම කලකිරීමක් තියෙනවා. මට වටිනාකමක් දෙන්නෙ නැති මිනිස්සු මොනවා කීවත් මට දුකක් නැහැ. මට හිතෙනවා මේ රටේ කලාකරුවන්ට ප්‍රේක්ෂකයන් නෑ කියලා. මොකද අද මිනිස්සු කලාකරුවන්ට ආදරේ කරන්නෙ නෑ.
හරියට බල්ලෙක්ගෙන් වැඩ ගන්නවා වගේ. ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ.

ඔබම මේ ඡයාරූප මුදා හැරලා කියල කතාවක් තියෙනවා?
මම මොකටද මගේ ඡයාරූප මුදා හරින්නේ. අපිත් එක්ක ක්‍රෝධයක් වෛරයක් ඉරිසියාවක් තියෙන අයයි මෙහෙම කරන්නේ.

ගයාත්‍රිට ක්‍ෂේත්‍රයේ තරහකාරයෝ ඉන්නවා කියලා හිතනවද?
අනිවාර්යෙන්ම ඉන්නවා කියලා හිතනවා. මිනිස්සු අපි ගැන එක එක දේවල් නොදැන කියන එක සාධාරණ වෙන්න පුළුවන්. ක්‍ෂේත්‍රයේ අපි ප්‍රවීණයෝ කියලා හිතන් ඉන්න සමහර අය අනෙකුත් කලාකරුවන්ට මේ ෆොටෝ යවලා තියෙනවා.
මෙන්න චන්නගේ වයිෆ් කිය කිය මේ දේ මේල් මගින් ෂෙයා කරලා තියෙනවා. ඒ ගැන කනගාටුවක් තියෙනවා.

චන්නගෙන් මොනවගේ ප්‍රතිචාරයක්ද ලැබුනේ?
එයා කොහොමත් අනුන්ගේ ඕපාදුප හොයන කෙනෙක් නෙවේ.
එයා මේ ගැන උපේක්ෂාවෙන් බැලූවේ. එයා කීවේ ඔයාගේ වැරැද්දනේ යාළුව කියල ගොඩක් අය විශ්වාස කරනවනේ කියලා. අපේ ගෙදර මේ ගැන කිසිම විදියකින් කතා වුණේ නෑ.

පිටරට පදිංචියට යන අදහස අතහැරියද?
මම හිතුව ඒ ගැන ආපහු කතා නොකර ඉන්න. මොකද ක්ෂේත්‍රයේ ඕපාදුප හොයන අයට මම යන එක ප්‍රශ්නයක්. ඉතින් ඒ අයටම කියනවා ඒ ගැන හොයාගන්න කියලා.

කවදද අලූත් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ?
වෙන රටක හදනවා කියපු චිත්‍රපටය අවුරුද්දේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අනෙක් චිත්‍රපටය නිෂ්පාදන කටයුතු මේ දවස්වල කරගෙන යනවා. මේ වැඩ හැමදේම මම කරගෙන යනවා.

චන්නගෙන් මේ සඳහා සහයෝගයක් ලැබෙනවද?
එයා මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ, ඒ නිසා මගේ වැඩවලට උදව්වක් වෙන්න වෙලාවක් නෑ. තාක්ෂණික පැත්ත එයාගෙන් අහගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

දෙන්නම එකතුවෙලා එක චිත්‍රපටයක් කරන්න අදහසක් නැද්ද?
තාම එහෙම අදහසක් නෑ මම හිතන් නෑ අපි දෙන්නට එකතුවෙලා වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!