Gossip

ඔබ කොපමන මා රිදෙව්වත් ඔබ වෙනුවෙන් සැමදා මම ගීත ගයාවි, ඔබ සිත් සුවපත් කළ මා හට ආශිර්වාද කළ ඔබට පිං

චාමර වීරසිංහ කියන චරිතයට ලොකු කුඩා හැමෝම වගේ ගොඩක් ප්‍රිය කරනවා.
ඒකට ලොකු හේතුවක් තමයි චාමර වීරසිංහගේ නිහතමානීකම.
ජනප්‍රිය ගීත රැසකින් රසික හදවත් දිනාගත්තු චාමර වීරසිංහ ගැන පසුගිය දවස්වල විවිධ කතා හුවමාරු වුණා.
ඒ චාමර වීරසිංහ විසින් දැනට වසර කිහිපයකට පෙර ගායනා කල “දිලිසෙන්නට පටසිවුරක් ගීතය”යොදා ඇතමුන් වෙනත් අර්ථයක් හැඟවෙන පරිදි වීඩියෝවක් නිර්මාණය කිරීම නිසා.
මේ ගැන චාමර කියලා තිබුණේ මෙම ගීතය නිර්මාණය කොට වසර 15 ක් ගතවී ඇති බවයි.
තවද එම වීඩියෝවෙන් හැඟවෙන දෙය හා ගීතයේ අරුත අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් ඔහු එහිදී කියා සිටියා.
මේ සිද්ධිය නිසා කණගාටුවෙන් ඉන්න චාමරට මුහුණුපොත හරහාද විවිධ දෝෂාරෝපන එල්ලවී තිබුණා.
මේ ගැන චාමර සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්.

“හැකි හැම විටම ගීතයෙන් ඔබ සිත් සුවපත් කල මා හට,
ආශිර්වාද කල ඔබට පින්..
ගොඩක් ඉහත කාලයක නිර්මාණය කල දිලිසෙන්නට පටසිවුරක් ගීතය වෙනුවෙන් මුහුණු පොතේ යම් කිසි පිටුවල යම්කිසි පුද්ගලයින් විසින් සටහන් තබන දෙයින් ලොකු කලකිරීමක් දුකක් පමනයි මා හට ලැබුනේ…
අටලෝදහම මටද පොදු ධර්මතාවකි…ඔබ කොපමන මා රිදෙව්වත් ඔබ වෙනුවෙන් හැමදා ගීත ගයන මම චාමර වීරසිංහ”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!