Gossip

“මම කවදාවත් ආදරයක් මැද්දට හරස් වෙන්නේ නෑ” – සිදූ කතාවේ අලුත්ම චරිතය “අංජනා” හෙළි කළ අමුතු කතාව – Photos

ශ්‍රී ලාංකික රසික හදවත් ආදරයෙන් වැළඳගත්තු ටෙලි සිත්තමක් තමයි සිදූ කියන්නේ.
මෙහි එන චරිත හැම එකක්ම වගේ ජනප්‍රියත්වයට පත්වුණා.
ඒ අතරට අලුතින්ම එක්වුණු කෙනා තමයි අංජනා.
ඇය තමයි කාවින්ද්‍යා දුල්ෂානි.
අවුරුදු කුමාරි තරගයකින් ජයගෙන මෙතෙක් දුර ආ ගමන්මග ගැන අංජනා මාධ්‍යයට කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ?
මාව උපාසක අම්මා කළේ “සිඳූ” ටෙලි නාට්‍යයේ අපේ ‍පොඩි හාමුදුරුවෝ.
මොකද මට උපාසක අක්කා කියන්නේ ‍පොඩි සාදුනේ. ඒත් සිඳූ ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය මට ලැබෙන්නේ සහය අධ්‍යක්ෂ ප්‍රදීප් මානවඩු අයියා කළ ආරාධනාවකට අනුවයි.

අංජනාගේ චරිතය ඔබට දැනෙන්නේ මොන විදිහටද?
අංජනා කියන්නේ නගරයේ හැදුණු වැඩුණු අභියෝගවලට මුහුණ දෙන්න කැමති ‍පොෂ් කෙල්ලෙක්.
ඒ වගේම දිලුම්ට දැන් ඉන්න හොඳම යාළුවා විදිහට දිලුම්ගේ දෙමව්පියන්ට හුඟාක් සමීප වෙන්න හදන යුවතියක්.
දිලුම් සහ තෙරණිගේ අතරමැදට ඇවිත් ඉන්න යුවතියක් විදිහට අංජනාට නම් මේ දවස්වල වැඩිපුරම අහන්න වෙන්නෙ බැණුම් තමයි.

එතකොට අංජනාගේ චරිතය වෙනුවෙන් කාවින්ද්‍යාට ප්‍රේක්ෂකයන්ගෙන් අහන්න ලැබෙන්නේ බැණුම් විතරමද?
වැඩිපුරම නම් ඉතින් බැණුම් තමයි අහන්න වෙන්නේ. සමහරු කියනවා අයියෝ මොකද අප්පා දෙන්නෙක්ගේ ආදරේට අකුල් හෙලන්නේ…. පැත්තකට වෙලා ඉන්නකෝ කියලා.
ඒත් දිලුම්ම ඉස්සරහට කාට අයිති වෙයිද කියලා මමවත් තවම දන්නේ නැහැ.
ඒ වගේම ‍පොඩි හාමුදුරුවෝ මට උපාසක අක්කා කියලා කතා කරන හින්දම, මඟතොටේදී මාව දන්න ‍පොඩි ළමයි “ආ මේ උපාසක අක්කනේ” කියලා ළඟට ඇවිත් කතා කරනවා.

එතකොට කාවින්ද්‍යා කැමරාවකට මුලින්ම මුහුණ දුන්නෙත් අංජනාගේ චරිතය වෙනුවෙන්ද?
නැහැ. මම කැමරාවක් ඉස්සරහට මුලින්ම ගියේ 2015 ඊව් අවුරුදු කුමාරි තරගයේදී.
මම අවුරුදු කුමාරි කිරුළ නම් දිනාගත්තේ නැහැ. ඒත් අවසන් දොළොස් දෙනා අතරට තේරුණා. දැන් මම රංගන ශිල්පිනියක් වෙලා අවුරුදු දෙකකට වැඩි කාලයක් වෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න මට වාසනාව උදා කරලා දුන්නේත් අවුරුදු කුමාරි තරගාවලිය බව කියන්නම ඕනේ.
ගොඩාක් දෙනා හිතන්නේ අංජනා කියන්නේ මගේ පළවෙනිම රඟපෑම කියලයි.
ඒත් ඊට කලින් ටෙලි නාට්‍යය කිහිපයකම මං රඟපාලා තියෙනවා. ඒත් මාව රටම දන්නා රංගන ශිල්පිනියක් කළේ සිඳුහි අංජනාගේ චරිතය කියලා කිව්වාට නම් වරදක් නැහැ.

අංජනා සැබෑ ජීවිතයේදී කාවින්ද්‍යාට සමාන වෙන අවස්ථා තියෙනවාද?
අංජනා මට සමාන වෙන්නේ කිසිම දෙයක් හිතේ තියාගන්නේ නැතුව එක පාරටම අවශ්‍ය දේ කියලා දාන තැන්වලදී විතරයි.
ඒත් අංජනා වගේ කාවින්ද්‍යා නම් දෙන්නෙක්ගේ ආදරයක් මැද්දට කවදාවත් හරස් නොවුණු, ඒ වගේම ඉදිරියේදීත් හරස් වෙන්නේ නැති කෙනෙක් බව නම් කියන්නම ඕනේ.

ඔබේ පෞද්ගලික තොරතුරු ගැන දැන ගන්නත් ඔබට ආදරය කරන හැමෝම බලාගෙන ඉන්නවා?
මම තමයි ගෙදර ලොකුම අක්කා, අම්මයි තාත්තයි නංගිලා තුන්දෙනයි ඇතුළුව පවු‍ලේ හය දෙනෙක් ඉන්නවා.
මට වයස 21යි. මම කළමනාකරණය පැත්තෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.
මගේ තාත්තා නම් මම මේ ෆීල්ඩ් එකට යනවට ‍පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.
ඒත් මගේ රඟපෑම් දැකලා හුඟක් අය මා ගැන කතා කරන්න පටන් ගත්ත නිසා තාත්තගේ විරෝධය දැන් නැහැ. දැන් තාත්තා තමයි මගේ රඟපෑම් කටයුතුවලට වැඩිපුරම උදව් කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!