Gossip

ලොවක් හඬවා අවසන් ගමන ගිය ශ්‍රී දේවිගේ නිසල දේහය මුම්බායි වෙත රැගෙන එයි – Photos

බොලිවුඩයම හඬවා සුපිරි නිළි ශ්‍රී දේවී පසුගිය 24 වැනිදා අවසන් ගමන් ගියා.
ඒ ඩුබායි නගරයේදී.
ඇතිවුණු සැක සහිත සිදුවීම් නිසා ඇගේ මළසිරුර නිදහස් කිරීමට ඩුබායි පොලිසිය ප්‍රතික්ෂේප කර තිබුණා.
කෙසේ නමුත් ඊයේ සවස 2ට පමණ අදාළ වාර්තා සම්පුර්ණ කොට මළ සිරුර ඥාතින් වෙත බාරදීමට ඩුබායි රජය කටයුතු කර තිබුණා.
එම්බාම් කටයුතු සඳහා සිරුර යොමු කිරීමෙන් අනතුරුව විශේෂිත ගුවන් යානයක් මගින් සිරුර ඉන්දියාව වෙත රැගෙනවිත් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ සවස 7.30ට පමණ ඇගේ දේහය රැගත් ගුවන් යානය මුම්බායි වෙත ලඟා වූ බවයි. අනතුරුව පවුලේ ඥාතින් විසින් සිරුර බාරගෙන අගේ නිවහන වෙත රැගෙන ආ බව සඳහන්.
ශ්‍රී දේවිට අවසන් ගෞරව දැක්වීම සඳහා බොලිවුඩයේ සුපිරි තරු රැසක් රැසක් මෙන්ම පවුලේ ඥාතින් හිතවතුන් මෙන්ම ඇගේ රසිකයින් රැසක්ද එම ස්ථානයේ රැස්ව සිටියා.
අවසන් කටයුතු අද සවස 2.00ට පමණ සිදුකිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!