Gossip

නිදහස් කුසලානයට ශ්‍රී ලංකාවේ ප්‍රබලම ක්‍රීඩකයෙක් ඉවතට විසිවුණේ ඇයි?

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී නොවන බවට වාර්තා වනවා.

පසුගිය බංග්ලාදේශ තරඟ සංචාරයේදී මැතිව්ස්ට ඇති වූ ආබාධ තත්ත්වය තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් ඔහුට නිදහස් කුසලාන තරඟාවලිය අහිමි වී ඇති බව සදහන්.

ඒ අනුව තුන්කොන් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් විසින් දරනු ඇති.

නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය මාර්තු 06 වනදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩ පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!