Gossip

වඳ පෙති කියලා අම්පාරේ අය මරාගන්නේ රැවටිලාද..? ඇස් බැන්දුම් ලෙහන අලුත්ම කතාව – Exclusive

කෙනෙකු වඳභාවයට පත් කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙතෙක් සොයාගෙන නැහැ. ආහාරවලට දමා හෝ ඇඳුම්වල තවරා හෝ වඳභාවය ඇති කරන බවට ප්‍රචාර ගෙන යන්නේ ජාතිවාදී පදනමෙන්. එවැනි වඳභාවයන් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළ අවස්ථා ඇත්තේ නැහැ. ජනතාව මෙවැනි බොරු ප්‍රචාරවලට රැවටීමෙන් වැළකිය යුතුයි.

ආහාරයට විවිධ දේ දැමීමෙන්, කිරි වර්ග පානයෙන්, ජෙල් වර්ග භාවිතයෙන් හෝ රසායනික ද්‍රව්‍ය හරහා වඳභාවය ඇති කළ නොහැකියි. වඳ භාවයට හේතුව කෙනෙකුගේ ජානමය තත්වයයි. පිටතින් ශරීරයට ලබා දෙන ද්‍රව්‍යයන්ගෙන් වඳභාවය ඇති වන්නේ නැහැ.

උපත් පාලනය හා පවුල් සැලසුමත් වඳභාවයට හේතුව කාරණා නොවෙයි.

අද පවුල් සැලසුම් ක්‍රම බහුලව භාවිතා වෙනවා. තමන්ට කැමති ආකාරයට දරුවන් ලබාගැනීමට මේ සැලසුම් ක්‍රම අවශ්‍යයි. ඊට රජයේ අනුමැතියද ලැබී තිබෙනවා. ලෝකයේ වසර 100ක පමණ සිට පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත්, යුනිසෙෆ් සංවිධානයත් මේ සැලසුම් ක්‍රම ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ලොව සෑම රාජ්‍යයක්ම ඒවා පිළිගෙන තිබෙනවා. ස්ථිර හා තාවකාලික ලෙස පවුල් සැලසුම් ක්‍රම දෙකක් තිබෙනවා.

පවුල් සැලසුමකට යන්නේ අවශ්‍ය අයගේ අවශ්‍යතාව මත පමණයි. වඳභාවය හා පවුල් සැලසුම් ක්‍රම අතර සබඳතාවයක් නැහැ. ජනගහන වර්ධනය ගැන ජාතිවාදී පදනමින් බලන සමහර පිරිස් වැරදිමත සමාජගත කරනවා. වඳභාවය හා ආහාර අතර හෝ ඇඳුම් පැලඳුම් අතර සබඳතාවයක් නැහැ. ඒ වගේම වඳභාවය ඇතිකරන්න පුළුවන් කිසිදු බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!