Gossip

රටම උණුසුම් කරමින් හමුදා ප්‍රධානීන් දොට්ට දමයි – හමුදා මාණ්ඩලික ප්‍රධානියාටත් පයින් ගසයි

සල්මාන් රජු විසින් සෞදි අරාබියේ මුල් පෙලේ හමුදා ප්‍රධානීන් තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.

ඊයේ (26) රාත්‍රියේ නිකුත් කළ රාජකීය ආඥාවක් මගින් මෙලෙස ඉවත් කළ ප්‍රධානීන් අතර, සෞදි හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා ද සිටින බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සෞදි පාබල හමුදාවල සහ ගුවන් ආරක්ෂක හමුදාවල ප්‍රධානීන් ද සල්මාන් රජු විසින් ඉවත් කළ බවයි.

සෞදි ආරක්ෂක අමාත්‍යවරයා ද වන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මෙම වෙනස්කම්වලට මූලිකත්වය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේදී ඔහු මූල්‍ය දූෂණවලට සම්බන්ධ බවට චෝදනා කරමින් කුමාරවරුන්, අමාත්‍යවරුන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් රැසක් සුපිරි හෝටලයක නිවාස අඩස්සියේ රැඳවීමට ද පියවර ගත්තා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!